Friday, December 1, 2023
spot_img

Latest Posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන වැඩි දුරටත් අයිසීසී තීරණ ගැනීම නොවැම්බර් 21 දා

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අයිසීසී විසින් පනවා ඇති තහනම සම්බන්ධයෙන් වැඩි දුරටත් ගත යුතු ක්‍රියාමාර්ග නොවැම්බර් 21 වන දා අහමබාද් හී දී ගැනීමට නියමිතව ඇත.නොවැම්බර් 18 සිට 21 දක්වා පැවත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීමේදී මේ සමබන්ධයෙන් තීරණය කිරීමට නියමිත අතර ඒ සඳහා නිරීක්ෂණ මට්ටමෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා සමාජවල බහුතර කැමත්තෙන් පත් වූ ශම්මි සිල්වා ප්‍රමුඛ නිලධාරි මණ්ඩලයට අවස්ථාව ලබා දෙන්නට තීරණය වී ඇති අතර ඒ අනුව ශම්මි සිල්වා මේ අවස්ථාවට එකවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ තහනමට ශ්‍රී ලංකා ක්‍රිකට විසින් අයිසීසියට වාර්තා කරන ලද දේශපාලන අතපෙවීම් සම්බන්ධයෙන් වූ චෝදනා බල පෑ බව සැක නැත,එහි යම් සනාත කිරීමක් සිදු කරමින් ශ්‍රී ලංකාවේ ක්‍රිඩාවේ දේශපාලන බලධාරියා වන අමාත්‍යවරයා ඔහුට කාගෙන් හෝ කණ්ඩායමකින් ලැබුණ උපදෙසක් මත (ඔහුගේම තනි තීරණයක් ද විය හැකිය) විගනකාධිපති වාර්තාව අයිසීසි රටවල් වෙත යොමු කරන්නට කටයුුතු කළේය.එසේම දේශපාලන නියෝජිතයන් එකට එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉවත්විය යුතු බවට පාර්ලිමේන්තුවේදි කරන ලද බලපෑම සහ එකඟතාවය මහජනතාව විසින් බලය පැවරූ විධායක බලය සහ ව්‍යවස්ථාදායක බලය මහජන උද්ඝෝෂණවලින් වෙනස් වූ සහ එම සංයුතිය පිළි නොගන්නා බවට රට පුරා තවමත් යම් මට්ටමකින් විරෝධතා පැවත්වෙන තත්ත්වයක අයිසීසී ය දේශපාලනික හැඩයකින් එය භාර ගන්නට ද ඉඩක් ඇත.

සිම්බාබ්වේ 2019 දී අයිසීසීය විසින් තහනම් කිරීමෙන් ඉනික්බිති ගනු ලබන මෙම තීරණය ඇතැම් විට සිම්බාබ්වේ තීරණයටත් වඩා එහාට යා හැකි මට්ටමක පවතින්නේය.මීට පෙර ද ශ්‍රි ලංකාවේ ක්‍රිකට් අතුරු කමිටු තිබිණ.ශ්‍රී ලංකාව එක්දින ලෝක අනු සූරතාව දිනු ශ්‍රී ලංකාවද සත්කාරකත්වය දැරූ මොහොතේ ද සිටියේ අතුරු කමිටුවක්ය.එහිදී විශාල චෝදනා ගණනාවක් පරිපාලනයට එල්ල වූ අතර ලෝක කුසලාන සත්කාරකත්වය සිඳු කළ රටක් ආයතනයේ පඩි ගෙවා ගත නොහැකි තත්ත්වයට පත් විය.එසේම ප්‍රවේශපත් වංචා ආදිය විශාල වශයෙන් වාර්තා වූ අතර එම කරුණු අධික්ෂණයට යද්දි එම තොරතුරු අඩංගු පරිගණක දත්ත පවා අතුරුදහන්ව තිබිණ.

මේවා සම්බන්ධයෙන් අවධානයෙන් සිටි අයිසීසී ය 2014 සිට 2015 දක්වා පැවති අතුරු කමිටුව සම්බන්ධයෙන් යම් අඩු සැළකිල්ලක් දක්වා නිරීක්ෂන මට්ටමෙන් කටයුතු කළ අතර නැවත එවැනි අවස්ථාවක් පැමිණි මොහොතේ තහනම් කිරීමේ නියෝගයකට ගොස් ඇත.සෑම සිදුවීමක්ම වර්ථමානයටම බැදුණු ඊට සීමා නොවුණු ඉතිහාසයක් ඇති දේ හැටියට සැළකිය යුතුය.බොහෝ විට ඉතිහාසය අධ්‍යයනයකින් තොරව වර්ථමානයේ අවශ්‍යයතාවයන් සපුරා ගැනීමට යාමේදී මෙවැනි තත්ත්වයන් ඇති වන බව දැනෙන අතර ක්‍රීඩා කේෂ්ත්‍රයේ වෙනස්වීම් කිරීමේදී 1973 දී ක්‍රීඩා පනත ප්‍රකාරව ඇමතිවරයාට ඇති පෞද්ගලික බලය පාර්ලිමේන්තුව හරහා පත් කරන ජාතික ක්‍රිඩා සභාවේ හැඩයේ කමිටුවකට පැවරිය හැකිනම් ක්‍රිකට් නොව සියලු ක්‍රීඩා ගැන මහජන නියෝජිතයන්ට අවධානයෙන් සිටින්නට හැකි බව අපි මීට පෙරද පෙන්වා දුන්නෙමු.

එවැනි පක්ෂ විපක්ෂ නියෝජනයකදී දේශපාලකයාට පිටින් ඇති විෂයක් ගැන නිවැරදි තීරණය ගැනීමේ උවමනාවෙන් තර්ක විතර්ක ඇති වීම හැරෙන්නට තනි පුද්ගල රුචි අරුචිකම් මත තීරණ සිදු නොවීම රටේ ක්‍රීඩාවට වැදගත් වනු ඇත.විශාල විවාදයක් යන මොහොතක දී පක්ෂ විපක්ෂ කිසිවෙක් මෙවැනි අනාගත ගැටළු නිරාකරණයට අවශ්‍යය අදහස් නො’පවසමින් නොසැළකිල්ලෙන් ක්‍රිකට් ක්‍රීඩාව මත එල්ලී සිටීමෙන් රටේ ක්‍රිකට් ඇතුළු සමස්ත ක්‍රිඩාවන් හී අභිවෘද්ධිය සම්බන්ධයෙන් සිදු විය යුතු සංශෝධන සැළකිල්ලට නොගැණින.රටේ ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල අදහස් ප්‍රමාණයක් එක් විය යුතුව තිබුණු වටිනා පැය ගණනක් නිකරුණේ විනාශ කර දැමූ දවසක් පමණක් බවට පත්වෙමින් නිමා වූ විවාදයේ දී ශ්‍රී ලංකාවේ ක්‍රිඩාව පැත්තෙන් වෙනස්විය යුතු තත්ත්වයන් සහ අයිසීසි නමනීයව හැසිරිය යුතු ඉසව් හඳුනාගැනීමක් කර අයිසීසි ය සමඟ සාකච්ඡා කිරීමට අඩුම තරමේ කමිටුවක් හෝ නිවැරදිව හඳුනා නොගත් එම විවාදය පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් සිය දේශපාලනය වෙනුවෙන් ඡන්ද දායකයන් ඉදිරයේ රංගනයන් ඉදිරිපත් කළ නාටකයක් හැටියට අවසාන විය.

අයිසීසී තහනම සම්බන්ධයෙන් ක්‍රික්ඉන්ෆෝ සටහනට පහතින් පිවිසිය හැකිය.
https://www.espncricinfo.com/story/sri-lanka-cricket-suspended-by-icc-board-1408215

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.