Sunday, December 3, 2023
spot_img

Latest Posts

11 වැනි දිනටත් ක්‍රියාත්මක ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද 11 වැනි දිනටත් ග්‍රාම නිලධාරීන් ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ජන හා නිවාස සංගණයේදී එක් ගෘහයක් සඳහා ලබා දෙන රුපියල් 30 දීමනාව 65 ක් දක්වා ඉහළ දමන්නැයි ඉල්ලමින් ඔවුන් මෙලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙයි.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සිය ගැටලුව විසඳීම සඳහා මෙතෙක් මැදිහත්වී නොමැති බව, සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා පැවසුවේය.

මේ අතර ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ , ග්‍රාම නිලධාරින්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.