සේනා දළඹු වසංගතයට තාම හරි විසඳුමක් නෑ , ගොවීන් මැසිවිලි නඟයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගිය කාලයේ වගාබිම් සඳහා මහත් හානියක් ගෙන දෙමින් කරදරකාරී වසංගතයක් වූ සේනා දළඹු හානිය නැවතත් හිස ඔසවා ඇතිබව අනුරාධපුර, මහකනදරාව ප්‍රදේශයෙන් වාර්තා වේ. එම ප්‍රදේශයේ ඇති ගොවි ව්‍යාපාරයේ අක්කර දහසකට වැඩි බඩ ඉරිඟු වගාව දැඩි අවදානමකට පත් ව ඇති බව සඳහන් වේ.

ගොවීහු පවසන්නේ,බඩ ඉරිඟු කරල හටගන්නා අවස්ථාවේ දී මීට පෙර සේනා දළඹු හානිය ඇති වුව ද මෙවර කන්නයේ දී බඩ ඉරිඟු වගාව ආරම්භ කර දින දොළහක් පමණ වන විට මෙම සේනා දළඹු හානිය පැමිණ ඇති බවයි.

බඩ ඉරිඟු ගොවීන් චෝදනා නඟන්නේ, වසර කිහිපයක සිට බඩ ඉරිඟු වගාවට සේනා දළඹු හානිය ඇති වූ බවත් , මේ පිළිබඳ අවස්ථා කිහිපයක දී අදාළ බලධාරින් දැනුම්වත් කළ ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු වගකිව යුතු කිසිදු ආයතනයක් ඊට පිළියම් ලබානොදුන් බවයි.

ගොවීන් වැඩිදුරටත් මැසිවිලි නඟන්නේ, තම කන-කර උකස් කර මුදල් යොදවා වන සතුන් ගෙන් ද ආරක්ෂා කර ගනිමින් ආරම්භ කළ බඩ ඉරිඟු වගාව, මේ වනවිට සේනා දළඹු හානියට ගොදුරු වීම හේතුවෙන් සාර්ථක අස්වැන්නක් බලාපොරොත්තු වීමට නොහැකි වීමෙන් තමාට ඵලදාවත්, මුදලුත් සියල්ල අහිනමි වන පවසමිණි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...