*
Sunday, May 12, 2024
spot_img

Latest Posts

ජනපති e කොළම.

අශෝක ජයතුංග

වොෂින්ටන් LNW :
?රනිල් චිත්‍රසිරි ගෙ කරෙන් ගොඩ යයිද….??

?ඇමති රොෂාන් අධිකරණයට එල්ල කල ප්‍රහාරයෙන් පසු…?

?රනිල් ගොඩදැමූ “හතර දෙනාගෙ කල්ලිය”….?

?ප්‍රබල ඇමතිගේ ඩබල් ගේම් ගැන ඔත්තුව…?

?අතුරු පාළනයට පත්වූ අයගේ අඳුරු පැටිකිරිය…?

?ඇමෙරිකාවේ ආ මන්ත්‍රීලාගේ කැපවීම ගැන තානාපති මහින්ද ගෙන් සෙටිපිකට්….!

?එස්. බී. රනිල් ගේ සහායට ඩැනී වීම…?

?බෝගොල්ලාගමට වෙන්න යන දේ……?

ජනපති නුවරඑළි ගොස් සංවර්ධන කමිටුවට ද ගියේය.තැපැල් බිල්ඩිම හෝටලක් කිරීම වඩා වාසිදායක බවට ගෙන තිබූ තීන්දුව යට ගැසීම ගැන මළ පැන හතර අතේ නෙලුවේය.

වෙනදා රනිල්ට නෙළන SB එදා සහායට ඩැනී ට පණ පෙවීය. මහනුවර පැමිණ ආසියානු රන් පදකම දිනූ තරුෂි හමුවුණේ පොරොන්දු ඉටුකරමිනි.

කොළඹ පැමිණි රනිල්ට සදුදා උදාවූයේ දුරකතන ඇමතුම් වැලකිනි.

“ඇමති රොෂාන් ක්‍රිකට් එක ගෙදර යවල අතුරු එකක් දාලා” හැමෝම කීදේ ඒ වනවිට ජනපති දැනගෙන තිබුණේ නිවුස් ඇලර්ට් පණිවිඩයකිනි.

මේක කතාකරල කලා නම් හොදයි. රොෂාන්ව ගන්න” ජනපති කීවද ඇමති සම්බන්ධ කරගත නොහැකි විය.

පසුව සමන් ඒකනායක හරහා ක්‍රීඩා ලේකම් කැඳවා සිද්ධිය ගැන විමසීය.

“ගැසට් එකේ හිලක්. එයාල උසාවි ගියොත් ඉවරයි.ගැසට් එක අයින් කරල අතුරු පාළනය විසුරවන්න” ඉල්ලීය.

ඇමතිතුමාගෙ අනුමැතිය නැතිව ඒක කරන්න අමාරුයි” ගිරේට අහුවූ ලේකම් කීවේය.

පසුව තමා කැඳවා ගැසට් හා අතුරු පාළනය ඉවත් කරන ලෙස ඉල්ලුවද “තමා ඇමතිකමෙන් ඉවත් කරන්න. ඒත් ඒ ඉල්ලීම ඉටුකරන්න බෑ” යයි කී බව ඇමති මාධ්‍යට කියා තිබිණ.

සවස තිබූ කැබිනට් හමුවේ ද මාතෘකාව ක්‍රිකට් විය.

කවුරුත් එක්ක කතා කරල තීන්දුව ගත්තා නම් හොදයි” බොහෝ ඇමතිවරු කීවේ එසේය.

මට හිමි බලතල පාවිච්චි කලා. ක්‍රිකට් එක හොර හා මාෆියා ගුහාවක්.රට ඉල්ලන දේ මම කළේ” ඇමති ඉදිරි පාදයේ පහර දුන්නේය.

රනිල් කී ලෙසට ගැසට්ටුවේ හිල් තිබිණ. අතුරු පාළක මණ්ඩලයට තහනම් නියෝග ආවේ ඒ තුළය. එතනදී ඇමති හා අතුරු පාළනය අසීරුවට පත් වූහ.

ඇමති රොෂාන් පාර්ලිමේන්තු වරප්‍රසාද වල රැකවරණ ලබමින් හතර අතේ නෙලුවේ අනතුරුවය.ඔහු අභියාචනාධිකරණය හා එහි ප්‍රබලයන් ඉලක්ක කොට දුන් පුහාර අසා සිටි ජනපති ගේ නළල රැළි ගැන්වින. අධිකරණය ගරන අලුත් සංවාදයක් රට තුළ ඇරඹුණේ එහෙමය.

“ක්‍රිකට් අය ගෙදර යැවීම හරි. පත්කල කෙනා වැරදියි” උපයෝගිතා කොමිසමෙන් පැන්නූ ජනක සභාපති කීවේය.

එම ප්‍රකාශය ගැන ද පාර්ලිමේන්තු ලොබියේ බොහෝ දේ කතා විය.

ඔය කමිටුවට පත්කරපු ප්‍රධානියෙකු කුඩා කාලෙ එයාලගෙ ගෙදර 1977 ගිණි ගන්න කොට බඩු හිග ඒ කාලෙ සමූපකාරෙන් වංගු ගහල ගෙනාපු හාල් පිටි සීනි පරිප්පු ගෝනි ගණන් තිබිලලු. එයා අද මුල් කෝටිපති 10 අතර ඉන්නෙ මොන ව්‍යාපාර කරලද. එයාගෙ අයියල මල්ලිල ටික ක්‍රිකට් වලට දාගත්තම ෂම්ම් පරාද වේවි” මන්ත්‍රීවරු කතා කළේ එවැනි දේය.

ඔය අයියල මල්ලිල රජයේ මුදලින් වාජීකරණ බේත් පවා ගෙන්නල අහුවුණා” එහිදී කියවිණ.

අද දූෂණයට එරෙහි දේශපාලකයාත් වාහන වලින් හොද ගේම් ගහන කෙනෙක්” තවත් අයෙක් කීය.

“ක්‍රීඩා පනත ගැන කටයුතු කරන්න මා පත්කළේ ජනපති නෙවෙයි කැබිනට් එක. ඒත් ඇමති රොෂාන් මට ගහනවා” සාගල රත්නායක රංගෙ බණ්ඩාරට කීවේ ජනපති කාර්යාලයේ දීය.

ක්‍රිකට් පාර්ලිමේන්තුවේ දී දිගටම පත්තු විය. එහිදී ජනපති හා මන්ත්‍රීවරු දැනුවත් කරමින් සියල්ල බැලන්ස් කරන්නට මහාචාර්ය ආශු මාරසිංහ කල කැපවීම ජනපතිගේ ද ප්‍රසාදයට ලක්විය.

“අරක කරමු මේක කරමු” යයි ජනපතිට විවිධ ලණු හා කඹ පවා දෙන්නට දැගලූ පිරිස අතර ජනපති ලේකම් සමන් ඒකනායක ජනපති පාර්: ලේකම් මහාචාර්ය ආශු මාරසිංහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් දිනිත් කරුණාරත්න විදුලි සංදේශ නියාමන යේ අධ්‍යක්ෂ ජෙනරාල් මදුසංක දිසානායක ආදීන්ගේ නිවැරදි මැදිහත්වීම ජනපතිට විශාල ශක්තියක් විය.

ක්‍රිකට් යෝජනාවට ඇමතිත් සපෝට් නම් විපක්ෂයටත් ඔින නම් අපිත් සහාය දෙමු. ඒත් විපක්ෂය මෙතන පටු දේශපාලනය කරනවා” කපටි නරියා පෙරලුනු බෝට්ටුවේ කණපිටට නැග කීවේය.

ජනපති හා ක්‍රීඩා ඇමති විරසක කිරීමට ඇමතිවරයෙකු ඩබල් ගේම් ගසන බවටත් ඔහු විපක්ෂය එක්ක ඩීල් දාන බවට මෙන්ම ඔහුගේ සමීපතමයෙකු අතුරු පාළනයටත් යෝජනාවී ඇති බවට ජනපතිට ලැබුණු ඔත්තුවෙන් ඔහු අන්දමන්ද විය. තවද මේ වෙලාවේ ක්‍රීඩා ඇමතිකම වෙනස් නොකරන ලෙස ශ්‍රීලනිප සීතල පෙදෙසක ප්‍රබලයෙකු කල ඉල්ලීමක් ගැන ද කියවේ. කෙසේ නමුත් ක්‍රිකට් නාඩගම තවම අවසන් නැත.

“අතුරු පාළනය පැලැස්තරයක්. චිත්‍රසිරි වාර්තාව මත නව ව්‍යවස්ථාවක් ගෙනාවාම ක්‍රිකට් ප්‍රශ්නය ඉවරයි” කපටි නරියා ගේ තියරිය එයය.

ඇමෙරිකාවේ NDI සංවිධානයේ ආරාධනයෙන් එහි ගිය තලතා අතුකෝරාළ ගේ මූලිකත්වයෙන් මහින්දානන්ද ඩිලාන් රිෂාඩ් ඇතුළු 17 ක්වූ පාර්ලිමේන්තු පිරිස සති දෙකක් වොෂින්ටන් හා අවට අධ්‍යයන කටයුතු රැසක නිරතව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කල හැකි ව්‍යාපෘති රැසක් හඳුනා ගත්හ. එම පිරිසට රජයේ මුදල් වැය නොවූ අතර තානාපති මහින්ද සමරසිංහ මේ ගැන කීවේ අපූරු කතාවකි.

NDI ප්‍රධානීන් මේ 17 ගැන ඉහළ ප්‍රසංශාවක් කලා. ඔවුන්ගේ දැනුම හා සූදානම් කල අධ්‍යයන වලට දැක්වූ උනන්දුව හා වගකීම් ඉටු කිරීම ගැන තිබූ කැපවීමත් අගය කලා. ඔවුන් රටේ හා අපේ පාර්ලිමේන්තු ගෞරවයත් රැක්කා” තානාපති මහින්ද කීය.

ක්‍රිකට් අර්බුදයෙන් හෙම්බත්ව සිටියද ජනපති තමාට සමීප සුදත් චන්ද්‍රසේකරගේ පුතාගේ විවාහයට ද එක්විය. තවද යුද සමයේ විදේශ ඇමති ලෙස දැවැන්ත කැපවීමක් කල රෝහිත බෝගොල්ලාගම ලන්ඩනයේ තානාපති ලෙස 20 දා වැඩ බාර ගැනීමට ද නියමිතය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan