කප්පන් ඉල්ලූ ග්‍රාමසේවක පොලිස් දැලේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ග්‍රාම නිලධාරියෙකු විසින් පෙර පාසල් ගුරුවරියකගෙන් රුපියල් ලක්ෂ 20ක කප්පමක් ඉල්ලා පසුව රුපියල් ලක්ෂයක කප්පමක් ලබාගෙන ඇති අතර මේ වනවිට ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය සඳහන් කළේ , වරින් වර දුරකතනයෙන් තර්ජනය කර දරු පවුල ඝාතනය කරන බව පවසමින් අදාළ ග්‍රාම නිලධාරිවරයා මෙම කප්පම් මුදල් ලබාගෙන ඇත්තේ තමන් රාජකාරි කරන වසමේම පෙරපාසල් ගුරුවරියකගෙන් බවයි.

හෝමාගම සුව පුබුදුගම ග්‍රාම නිලධාරී වසමේ පෙරපාසල් ගුරුවරියකගෙන් කිසියම් පුද්ගලයෙකු කප්පම් මුදල් ඉල්ලා මීට මාස දෙකකට පමණ පෙර දුරකථන ඇමතුමක් ලබාදී තිබිණ.

එම පෙර පාසල් ගුරුවරිය තමන් සතුව එතරම් මුදලක් නොමැති බව කියා සිටියත් දිගින් දිගටම එම දුරකථන ඇමතුම් ලැබුණු බවට සඳහන් වේ.

ඇගේ දරු පවුලම ඝාතනය කරන බවට කප්පම්කරු පවසා ඇති අතර, පසුව කප්පම්කරු කප්පම් මුදල ලක්ෂ 20 සිට ලක්ෂයක් දක්වා අඩු කර තිබෙනවා.

සැකකරු පෙර පාසල් ගුරුවරියව හොඳින්ම දන්නා හඳුනන ග්‍රාම නිලධාරියෙකු බව පසුව සිදුකල විමර්ශනවලදී හෙළිවී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...