සටහන – රුවන් නෙළුගොල්ල
කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයාව කොළඹ උතුර පොලිස් අපරාධ කොට්ඨාසය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඒ, මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
මෙවර මහමැතිවරණයට ඉදිරිපත්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයකුගේ රුව සහ මනාප අංකය රැගත් පෝස්ටර් ඉවත් කිරීම පිළිබඳව කොච්චිකඩේ පොලිස් ස්ථානයටම අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයකුට බැනවැදී තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ස්ථානාධිපතිවරයාට චෝදනා එල්ල වී ඇති බව සඳහන්.