විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් නිවේදනයක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ (LNW):

නොවැම්බර් 13 සහ 14 දෙදින එළැඹෙන මහමැතිවරණය සඳහා වහාම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබෙන බව සඳහන් වේ.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ, විශ්වවිද්‍යාල සිසුන්ගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීම සඳහා මෙම පියවර ගත් බවයි.

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණ ජන්ද විමසීමේදී රාජ්‍ය විශ්ව විද්‍යාල කාර්යමණ්ඩල වලට මෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ද ජන්දය ප්‍රකාශ කල හැකි අයුරින් නිවාඩු ලබා දීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිශන් සභාව දැනුම් දී ඇත.

ඒ අනුව රාජ්‍ය විශ්ව විද්‍යාල යටතට නොගැනෙන පෞද්ගලික විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන විසින්ද කාර්ය මණ්ඩල හා සිසුන්ට ජන්දය භාවිතා කිරීමට හැකි වන පරිදි නිවාඩු ලබා දිය යුතු බව මැතිවරණ කොම්සම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

එමෙන්ම 2006 වසරේ මැයි මස 31වන දිනට පෙර උපන් වසය අවුරුදු 18 සම්පූර්ණ වන අයගේ නම් ද ජන්ද හිමි නාමලේණයේ ලියාපදිංචි ඇති බැවින්, උසස් පෙළ සිසුන්ට ජන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි උසස්පෙල උපකාරක පන්ති යොදා ගන්නා ලෙසද මැතිවරණ කොමිසන් සභාව අදාළ ලිපිය මගින් දැනුම් දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...

පිටරටින් එන මානුෂීය ආධාරවලටත් සහනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වය හමුවේ විදේශයන්හි සිට මෙරටට මානුෂීය...

හිටපු අමාත්‍ය සී. බී. රත්නායක අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ ඇයි?

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ ඇයි?