මැතිවරණය සාධාරණ ලෙස පැවැත්වීමට අවශ්‍ය සහය ලබාදෙන්න – කැෆේ සංවිධානය

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ (LNW):

පූර්ව මැතිවරණ සමයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන් 26ක්, දිගු කාලීන නිරීක්ෂකයින් 160 ක් යොදවා පූර්ව මැතිවරණ සමයේදී නිරීක්‍ෂණ කටයුතු සිදු කර තිබෙන බවත්, මැතිවරණ ප්‍රචාර වියදම් නියාමනය කිරීම සඳහා දිස්ත්‍රික්ක 3ක(යාපනය, මඩකලපුව, අනුරාධපුරය) නිරීක්‍ෂකයින් 23 දෙනෙකු යොදවා එක් එක් අපේක්‍ෂකයා වියදම් කරන ආකාරය නිරීක්‍ෂණය කළ බවයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ මනාස් මකීන් මහතා ප්‍රකාශ කළේය.

මැතිවරණ සමයේ මේ දක්වා කාලසීමාව තුළ පැමිණිලි 847ක් කැෆේ සංවිධානයට වාර්තා වී තිබෙන බවත් ,ඉන් වැඩිපුරම වාර්තා වී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි බවයි අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කර සිටියේය.

ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳවත් සුළු පැමිණිලි ප්‍රමාණයක් වාර්තා වී තිබෙන බව ඔවුන් සඳහන් කර සිටී..

ජනාධිපතිවරණ සමයේදී සාමකාමී මැතිවරණ පරිසරයක් තිබුණද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඇතැම් ප්‍රදේශ වලින් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි කිහිපයක් වාර්තා වී ඇති බව වාර්තා වන බවත් , මේ නිසා සියළු දේශපාලන පක්‍ෂ වලින් ඉල්ලා සිටින්නේ මැතිවරණය නිදහස් හා සාධාරණව පැවැත්වීමේදී ප්‍රචණ්ඩතත්වයෙන් තොර මැතිවරණයක් වීම ඉතා වැදගත් වෙන බව යැයි අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කර සිටියේය.

ඒ නිසා සියළු දේශපාලන පක්‍ෂ වලින් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ මනාස් මකීන් මහතා ඉල්ලා සිටින්නේ මහ මැතිවරණය නිදහස් හා සාමකාමී මැතිවරණයක් ලෙස පැවැත්වීමට අවශ්‍ය සහය ලබා දෙන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරිනාමවාදයේ පියාගෙ නමට නම් කළ ඩාර්වින් වෙත යන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: පරිනාමවාදය පිළිබඳව ලොවට ඉදිරිපත්...

බස් ගාස්තු ගැන තීරණයක්?

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : මේ වන විට...

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...