ගෝලීය ආර්ථික බිඳවැටීම පිලිබඳ නිර්මාණය වී ඇති දැඩි බිය මධ්‍යයේ කර්මාන්තයේ රඳාපැවතීමේ හැකියාව සහ ගෝලීය තරඟකාරීත්වය වැඩි දියුණු කිරීම සඳහා නිදහස් වෙළඳ ගිවිසුම් (FTAs) පිළිබඳ සාකච්ඡා කඩිනම් කරන ලෙස ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) ඉකුත්දා රජයෙන් ඉල්ලා සිටියේය.
එහි තාර්කිකත්වය විස්තර කරමින් මෙම සංසදය සඳහන් කළේ, විශේෂයෙන්ම පසුගිය දශක තුන පුරා FTAs ගෝලීය වෙළඳ පද්ධතියේ අනිවාර්ය අංගයක් වී ඇති බවයි. එම කාලය තුළ ලෝක වෙළෙඳ සංවිධානය වෙත දැනුම් දෙන ලද පුළුල් වැඩිවීමක් නිදහස් වෙළෙඳ ගිවිසුමේ සිදුවී ඇත.
පසුගිය දශකය තුළ විශේෂයෙන්ම ආසියානු රටවල් වෙළඳාම සහ ආයෝජන ලිහිල් කිරීමේ මාධ්‍යයක් ලෙස නිදහස් වෙළෙඳ ගිවිසුමේ ප්‍රබල වටිනාකම තේරුම් ගෙන ඇති අතර, උදාහරණයක් ලෙස වියට්නාමය යනු අපනයනයෙහි වර්ධනය සඳහා ආකර්ෂණීය වැඩපිළිවෙළක් සතු රටකි.
එය ඔවුන් විසින් උපයෝගී කර ගත් නිදහස් වෙළඳ ගිවිසුම් සමඟ ඇති සමීපතාවයේ ප්‍රතිඵලයක් වන අතර වියට්නාම් රජය ද එයට සැලකිය යුතු දායකත්වයක් සපයයි.
ඉන්දුනීසියාව, වියට්නාමය සහ ඉන්දියාව වැනි රටවල් දැනටමත් යුරෝපා සංගමය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳව සාකච්ජා කරමින් සිටින බැවින් කලාපීය සම මිතුරන් භුක්ති විඳින වෙළඳ ප්‍රතිලාභ අහිමි වීමේ අවදානමකට ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටීම සැලකිය යුතු කාරණාවකි.
එමෙන්ම ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම් දෙකක සහ කලාපීය වෙළඳ ගිවිසුම් තුනක පමණක් සාමාජිකයකු වන අතර ආර්ථික ප්‍රබෝධයක් ඇති කිරීම සඳහා වෙළඳාමේ බලය උපයෝගී කර ගැනීමට හා නව සහන සාකච්ඡා කරනවාට අමතරව ශ්‍රී ලංකාවේ පවතින ගිවිසුම් ප්‍රයෝජනයට ගැනීම වැඩිදියුණු කිරීමට සියලුම පාර්ශවකරුවන් එක්ව කටයුතු කළ යුතු බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් අපනයන වෙළෙඳපොළ පහ වන්නේ එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ජර්මනිය සහ නෙදර්ලන්තයයි. දැනට ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනවලින් සියයට 86ක් පමණ එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය සතු වේ.
කෙසේ වෙතත්, උද්ධමනය ඉහළ යාම සහ එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය වැනි දිවයිනේ ප්‍රබල අපනයන වෙලඳපොලවල ශීත ඍතුවේ ඇතිවන ගෑස් හිඟයේ සැලකිය යුතු අවදානම හේතුවෙන් කර්මාන්තයේ ප්‍රශංසනීය අපනයන කාර්ය සාධනය පවත්වා ගැනීම සඳහා මෙම රටවල් මත පමණක් විශ්වාසය තැබීමේ හැකියාව දැඩි ලෙස සම්මුතියට පත් කර ඇත.
එම සංසදය ට අනුව, මෙම කර්මාන්තයට ගලා ආ විදේශීය ඇණවුම් පහත වැටීම හා මන්දගාමී වීමේ සලකුණු දැනටමත් මතුවෙමින් තිබේ.
මෙවැනි තත්ත්වයක් තුළ චීනය, ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් සමඟ ශ්‍රී ලංකාව සිය ඇඟලුම් අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය කිරීමේ අවශ්‍යතාවය නිසැක වශයෙන්ම සැලකිය යුතු බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) නැවත නැවතත් අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ ඇඟලුම් සමාගම් වියට්නාමය, තායිලන්තය සහ බංගලිදේශය වැනි කලාපීය ඇඟලුම් බලාගාර සමඟ සම මට්ටමේ ක්‍රීඩා පිටියක තරඟ කිරීම ද වළක්වා ඇත. මක්නිසාද යත් ඔවුන් සියල්ලෝම ශ්‍රී ලංකාව සතුව නොමැති ජාත්‍යන්තර වෙළඳපල සඳහා මනාප ප්‍රවේශය සහ තීරුබදු සහනවලට දැනටමත් හිමිකම් කියා ඇත.
වසර ගණනාවක් පුරා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස මෙම ජාතීන්ගේ වෙළඳාම් කොටසෙහි තිරසාර වර්ධනයේ බලපෑම නිසාවෙන් ඔවුන්ගේ සමෘද්ධිය කාටත් රහසිගත තොරතුරක් නොවනු ඇත. 1990 දී තායිලන්තයේ වෙළඳාම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 75.8 ක් වූ අතර 2021 දී එය සියයට 117 දක්වා වැඩි විය. බංග්ලාදේශයේ එය 1990 දී සියයට 19 ක් වූ අතර 2021 දී සියයට 28 දක්වා වැඩි විය.
ඊට ප්‍රතිවිරුද්ධව, ශ්‍රී ලංකාවේ වෙළඳ සහන එක්සත් රාජධානියට සහ යුරෝපා සංගමයට සීමා වී ඇති අතර ලෝක වෙළඳ සංවිධානයේ මූලාරම්භය පිළිබඳ නීතිරීතිවලට අදාළ දැඩි කොන්දේසි අනුව ශ්‍රී ලංකාවට මෙම සහන සියයට 50ක් දක්වා පමණක් භාවිතා කිරීමට සම්මුතියක් එමඟින් නිර්මාණය කරයි.
කෙසේ වෙතත්, එක්සත් රාජධානියේ සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) යටතේ ශ්‍රී ලංකාව සඳහා වන සම්භවය පිළිබඳ නීති රීති බොහෝ දුරට සීමා කර ඇත. තවද යෝජනා ක්‍රමයේ නියම කර ඇති සමාජ-ආර්ථික අවශ්‍යතා සපුරා නොගතහොත් 2023 දෙසැම්බර් වන විට ශ්‍රී ලංකාවට GSP සහනය අහිමි වීමේ අවදානමක් ද පවතින බව අනාවරණය විය.
තවද ඇඟලුම් අපනයනය සඳහා ඇති බාධක ඉවත් කිරීම සඳහා යෝජිත චීන නිදහස් වෙළඳ ගිවිසුම ඇඟලුම් කර්මාන්තයට අතිශයින් වැදගත් වන බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) අවධාරණය කළේය. එසේම ඉදිරි සතිවලදී වාණිජ දෙපාර්තමේන්තුවෙන් සාකච්ඡා කාල නියමයන් පිළිබඳ වැඩි පැහැදිලි කිරීමක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව එම සංසදය තවදුරටත් කියාසිටියේය.
එමෙන්ම මෙම කලාපය සමඟ වඩා සාර්ථක සම්බන්ධතාවක් පැවැත්වීම සඳහා සීමාවක්ව පවතින වර්තමානයේ ලංකාවේ ඇගලුම් කර්මාන්තයෙන් මිලියන අටක ප්‍රමාණයක් අපනයන කොටස් පමණක් ලබා ගන්නා ඉන්දියානු වෙළඳපොළින් මනාප ප්‍රවේශයක් ලබා ගැනීමට ද වැඩිදුරටත් ඔවුන් බලාපොරොත්තු වන බව සඳහන් කරන ලදී.
තවද කැනඩාවේ GPT ප්ලස් යෝජනා ක්‍රමය අනුගමනය කිරීමටත් එක්සත් රාජධානියේ නව DCTS යෝජනා ක්‍රමය සමඟ සම්බන්ධ වීමටත් ලංකාවට අවස්ථාවක් ඇති බවට ඔවුන් විශ්වාස කරයි. මන්ද එක්සත් රාජධානිය ආක්‍රමණශීලී ලෙස නිදහස් වෙළෙඳ ගිවිසුම දෙස බලා සිටින අතර ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් සමඟ දැනටමත් හෙතෙම ප්‍රගතියක් ලබා ඇත. එම නිසා මේ තීරණාත්මක අවස්ථාවේදී ශ්‍රී ලංකාව පසුබෑමකට ලක් නොවිය යුතුයි.
ඕවින්දි විෂ්මිකා