ඉරානයේ රාජ්‍ය මර්ධනයට එරෙහි සම්බාධකවලට ජර්මනියේත් සහාය!

Date:

ඉරානයේ උද්ගතව ඇති ආණ්ඩු විරෝධී ජන අරගල හමුවේ එරට රජය දියත්කර ඇති මර්දනයට ප්‍රතිචාර වශයෙන් යුරෝපා සංගමය පැනවීමට කටයුතු යොදා ඇති නව සම්බාධකවලට ජර්මනියේ සහාය ද හිමිව ඇති බව වාර්තා වේ.

යුරෝපා සංගමය විසින් මෙම සම්බාධක එළඹෙන සතියේ පැනවීමට නියමිත අතර, ඊට තම සහාය පළකිරීමට ජර්මනිය කැමැත්තෙන් පසුවන බව එරට චාන්සල්වරයා වන ඔලාෆ් ෂොල්ස් අද (12) දින නිකුත් කළ නිවේදනයක් හරහා ප්‍රකාශ කර සිටියි.

තම ට්විටර් සමාජ මාධ්‍ය ගිණුම හරහා නිකුත්කළ වීඩියෝපටයක් හරහා ඔහු මේ බව අවධාරණය කර සිටියි.

ඉකුත් දිනෙක ඉරානයේ සදාචාර පොලීසිය (Morality Police) යැයි කියන රාජ්‍ය අනුග්‍රහය ලද ඒකකය විසින් හිජාබය නිවැරදිව නොපැළඳීම මත අත්අඩංගුවට ගෙන එම පොලීසියේ රැඳවුම්භාරයේ සිටියදී අභිරහස් ලෙස මරණයට පත්වූ 22 හැවිරිදි මාහ්සා අමීනි ඉරානයේ මතුව ඇති ආණ්ඩු විරෝධී ජන අරගලවල වස්තු බීජය වී තිබේ.

මේ වන විටත් දැඩි ලෙස තීව්‍ර වී ඇති ජන අරගල හමුවේ බොහෝ පිරිසක් ඉරානයේ අත්අඩංගුවට පත්ව ඇති අතර, රාජ්‍ය මර්දනය හමුවේ සැලකිය යුතු පුද්ගලයන් සංඛ්‍යාවක් මරණයට පත්ව ද තිබේ.

තව ද ඉරාන යුධ හමුදාවේ පාබල හමුදා ඒකකයේ ප්‍රධානියා වරක පවසා සිටියේ තම අතිඋතුම් නායක අලි ඛමේනි විසින් විධානයක් ලබා දුන්නහොත් මෙම රාජ්‍ය විරෝධී කැරලි දීප ව්‍යාප්තව මර්දනය කර දැමීමට දෙවරක් නොසිතන බවයි.

මෙම මර්දනය ඉරානයේ පිහිටා ඇති මාධ්‍ය ආයතන ද ඉලක්කකරන අතර, ඉකුත් දින බ්‍රිතාන්‍ය රජය විසින් දැඩි ප්‍රකාශයක් ලබා දෙමින් පවසා සිටියේ ඉරානයේ සිටින ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා එක්සත් රාජධානියට කැඳවා මේ පිළිබඳව ප්‍රශ්න කිරීමට කටයුතු කරන බවයි.

කාන්තාවක් හැඳ පැළඳිය යුත්තේ කෙසේද, තම සිරුර පිළිබඳව තීන්දු තීරණ ගත යුත්තේ කෙසේද සහ පොදු ස්ථානයක හැසිරිය යුත්තේ කෙසේද යන්න රාජ්‍යය මඟින් පාලනය කිරීමට හැකියාවක් නැති බවයි බ්‍රිතාන්‍ය රජය පවසා සිටියේ.

යුරෝපා සංගමය විසින් මීට ඉහත යුක්රේනයේ මතුව ඇති යුධ තත්ත්වය හමුවේ රුසියාවට පැනවීමට කටයුතු කළ සම්බාධකවලට ජර්මනිය සහාය පළකිරීමෙන් වැළකී සිටි අතර, එය බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්විය. මෙම සම්බාධක හමුවේ යුරෝපා සංගමයේ එකමුතුභාවය බිඳවැටෙනු ඇති බවට ජර්මනිය විසින් ප්‍රකාශ කර තිබිණි.

කෙසේවෙතත්, ඉරානයේ මතුව ඇති රාජ්‍ය විරෝධී ජන අරගල මර්දනය කිරීමට එරෙහිව යුරෝපා සංගමය පනවන සම්බාධකවලට සහාය පළකිරීමට ජර්මනිය කටයුතු කර ඇති බවක් පෙනෙන්නට තිබේ.

ඡායාරූප: Photo: Federal Government/photothek.net/Thomas Köhle

Isuru Parakrama_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...