*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

අයවැය ගැන ලොකු බලාපොරොත්තු තියාගන්න එපා – එස්.බී.

කොළඹ LNW:ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට දින ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සම්බන්ධයෙන් විශාල බලාපොරොත්තු තබානොගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා අද (12) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

අභියෝගාත්මක අයවැයක් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයාට සිදුව ඇති බවයි දිසානායක මහතා සඳහන් කළේ.

රාජ්‍ය ආදායමට වඩා වියදම වැඩි වී තිබෙන අතර එහි පරතරය ද වැඩි තිබෙන බවත් දේශීය ආයෝජනත් අඩු වී තිබෙන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

බංකොලොත්භාවයෙන් මිදී ඉදිරි ගමනක් යාමට බලාපොරොත්තු වන අතර එය අභියෝගාත්මක කාරණයක් බව හෙතෙම අවධාරණය කරන ලදී.

”ඩොලර් සංචිත වැඩිකරගන්න අපනයනය වැඩිකරගන්න කටයුතු කරමින් ඉන්නේ. කුඩා ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ට තල්ලුවක් දෙන්න පුලුවන්නම් මේක විසදගන්න පුලුවන්. මම හිතනවා මේ සැරේ අයවැයෙන් ඒ සදහා අවධානය යොමුකරනවා. අපි පහුගිය කාළේ කරපු වැඩ නිසා ආයෝජකයින් කලකිරීමට ලක්වුණා. මේ නිසා ආයෝජකයෝ එන්නේ නෑ. ජනාධිපතිවරයා ඒ සදහා විශේෂ අවධානයක් යොමුකරමින් කටයුතු කරනවා. ඇඟලුම් කර්මාන්ත ශාලා අර්බුදයක ඉන්නේ. මේ අයවැය හරහා දේශීය විදේශීය ආදායම වැඩිකරගන්න ඕන. රාජ්‍ය සේවකයින් වැටුප් වැඩිකර ඉල්ලීම අසාධාරණ නෑ. ඔවුන්ට යම්කිසි සහනයක් දෙයි කියලා හිතනවා . නමුත් අනවශ්‍ය බලාපොරොත්තු තබාගැනීම නොකර යුතුයි. එහෙම කරන්න පුලුවන් වාතාවරණයක් නෑ.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan