කැන්ටබරි අගරදගුරු ජස්ටින් වෙල්බි ධූරයෙන් ඉල්ලා අස් වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එංගලන්ත පල්ලිය හා සම්බන්ධ බහුල ළමා අපයෝජකයෙකු පිළිබඳ තොරතුරු වසන් කිරීමේ චෝදනා මත ලොව පුරා සිටින මිලියන 85ක ඇන්ග්ලිකන්වරුන්ගේ අධ්‍යාත්මික නායකයා වන වෙල්බි කැන්ටබරි අගරදගුරු ජස්ටින් වෙල්බි ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ.

1970 සහ 1980 ගණන් වලදී Iwerne භාරයේ නායකත්ව භූමිකාවන් කිහිපයක් දැරූ නීතිඥයෙකු සහ එවැන්ජලිස්ත කිතුනුවකු වූ ජෝන් ස්මිත් ඔහු විසින් පවත්වාගෙන යන ලද ගිම්හාන කඳවුරු වලදී දශක පහක් තිස්සේ එක්සත් රාජධානියේ පිරිමි ළමයින් හා තරුණයින් 30 දෙනෙකු සහ සිම්බාබ්වේ සහ දකුණු අප්‍රිකාවේ 85 දෙනෙකු පමණ ලිංගිකව, මානසිකව සහ ශාරීරිකව අපයෝජනයට ලක් කළ බවට චැනල් ෆෝ නාලිකාව විසින් 2017 දී ප්‍රචාරය කරන ලද චිත්‍රපටයට පසුව, හැම්ප්ෂයර් පොලිසිය ස්මිත්ගේ අපයෝජනය පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළේය.

ඔහු කළ අපරාධ සම්බන්ධයෙන් කිසිදු දඬුවමක් නොවිදි ජෝන් ස්මිත් 2018 දී කේප් ටවුන්හිදී වයස අවුරුදු 77 දී මිය ගිය අතර මේ සම්බන්ධයෙන් අපයෝජනය පිළිබඳ ස්වාධීන සමාලෝචනයන් නිගමනය කර තිබුණේ, දශකයකට පෙර අගරදගුරු තුමා එය විධිමත් ලෙස පොලිසියට වාර්තා කළේ නම් ස්මිත්ව යුක්තිය ඉදිරියට ගෙන යා හැකිව තිබූ බවයි.

මේ හේතුව නිසා පල්ලියේ පාර්ලිමේන්තුව වන ජෙනරල් සිනොඩ්හි සාමාජිකයින් තිදෙනෙකු විසින් ආරම්භ කරන ලද පෙත්සමක් අගරදගුරු තුමාට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා අත්සන් 13,000 කට වඩා එක්ව තිබිණි. මේ සමබන්ධයෙන් කැන්ටබරි අදරදගුරුතුමා සඳහන් කර තිබුණේ, ජෝන් ස්මිත් තමා සමීපව ආශ්‍රය නොකළ බවත්, තමා ධුරයෙන් ඉවත්වීම එංගලන්ත පල්ලියේ යහපතට හේතු වන බව තමා විශ්වාස කරන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...