පොඩිමැණිකේ සිරවෙයි, උඩරට දුම්රිය මාර්ගයට ගල් කඩා වැටීමක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ (LNW):

අද (13) පස්වරුවේ, උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල ගල් කඩා වැටීමෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පොඩිමැණිකේ දුම්රිය එම ස්ථානයේ සිරවී නවතා තබා ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

දුම්රිය බලධාරීන් පවසන්නේ, පවතින වර්ෂාවත් සමඟ මෙසේ උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගල් කඩා වැටී ඇති අතර, එම අවස්ථාවේ එම ස්ථානය අසලින් ධාවනය වෙමින් තිබූ කොළඹ කොටුව සිට බදුල්ල බලා පැමිණි අංක 1005 දරණ පොඩිමැණිකේ දුම්රිය දුම්රිය රියදුරුගේ දක්ෂතාව මත නවතා ගෙන ඇති බවයි.

බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය දැනට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවද වාර්තා වේ. නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ , දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති ගල් ඉවත් කිරීමට කටයුතු සිදු කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...