අද (13) පාර්ලිමේන්තුවට ගෙනෙන 2024 වසරේ අයවැය යෝජනා!

0
477

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව 2024 වසරේ අයවැය යෝජනා ,මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දහවල් 12.00ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

එබැවින් පාර්ලිමේන්තු සංකීර්ණය ආශ්‍රිතව ආරක්ෂාව දැඩිකර ඇති බවද සඳහන් වේ.

තවද, අය වැය විවාදය පවත්වන කාල සීමාව තුළ සියලු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවෙහි රැඳී සිටීම අත්‍යවශ්‍ය බවත් එම කාල සීමාවේදී පාර්ලිමේන්තුවෙහි රැඳී සිටීමට හැකිවන පරිදි බාහිර වැඩ යොදා ගන්නා ලෙස ද සියලු මැති ඇමැතිවරුන්ට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය විසින් දැනුම් දී ඇති බවද පැවසේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??