බලංගොඩ නාය යෑම:අනතුරුදායක ප්‍රදේශයක් බවට හඳුනා ගෙන නැහැ – ආපදා අධ්‍යක්ෂ ජනරාල්

Date:

කොළඹ LNW: ඊයේ පස්වරුවේ නාය යාමට ලක්වූ බලංගොඩ උඩුවෙල හොරන්කදුර ග්‍රාමයේ වැහිතැන්න ප්‍රදේශය අනතුරුදායක ප්‍රදේශයක් ලෙස වාර්තා වී නොතිබුණ හෙයින් එම ප්‍රදේශයට නායේ යෑමේ අනතුරු ඇඟවීම් සිදුකර නොතිබුණු බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා පවසයි.

එය ඉතා අවසනාවන්ත සිදුවීමක් වන අතර එම ප්‍රදේශයේ නිවාස 07ක් තිබී ඇති අතර එක් නිවසක් සම්පූර්ණයෙන්ම පස් කන්දට යටවී ඇති බවයි රණසිංහ මහතා සඳහන් කරන්නේ.

එම අනතුරින් එකම පවුලේ සිව් දෙනෙකු අතුරුදහන් වී සිටින අතර මේ වන විටත් එම පස්කන්ද ඉවත් කිරීමේ කටයුතු සිදුවන බව රණසිංහ මහතා කියාසිටියි.

”මෙම නායයෑම් නිසා එක නිවසක් සම්පූර්ණ විනාශ වෙලා තියෙනවා. මෙම හේතුව නිසා මේ නිවස තුළ සිටි නිවසේ ප්‍රධානියා ඇතුළු හතර දෙනාම යටවී ඇතැයි වාර්තා වෙනවා. මෙම ප්‍රදේශ නිවාස හතක් තියෙනවා. එක නිවාසයක් සම්පූර්ණම පස් කන්දට යට වෙලා තියෙනවා. මේ වන විටත් යුද හමුදාවේ 8 වෙනි ගැමුණුහේවා බලකායේ අණදෙන නිලධාරීන් සහිතව කණ්ඩායමක් එතෙන්ට ගිහිල්ලා තියෙනවා. අදාළ නිලධාරීන් සහ එම ගම අවට ජනතාව බැකෝ යන්ත්‍රයක් සහ අදාළ උපකරණ යොදා ගනිමින් සෙවීම් කටයුතු සිදු කරනවා. අපි හැකි ඉක්මණින් පස්කඳ ඉවත්කර නිවස තුළ යටවී ඇති පුද්ගලයන් සොයා ගැනීමට කටයුතු සිදු කරනවා. මීට අමතරව ඒ අවට නිවාසවල ඉවත් කරපු ජනතාව ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා තිබෙනවා. මෙම ප්‍රදේශය අනතුරු සහිත පෙදෙසක් ලෙස අපට වාර්තා වෙලා තිබුණේ නැහැ. එම නිසා අනතුරු ඇඟවීම් සිදු කර තිබුණු ප්‍රදේශයක් නෙවෙයි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට ජනතාවට එල්ළවන සෞඛ්‍ය අභියෝග ජයග්‍රහණය කිරීමට විශේෂ වැඩපිළිවෙලක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : ඉදිරියේ දී මෙරට...

ඉදිරි වසරේ විභාගයන් ගැන දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : ඉදිරි 2026 වර්ෂයේදී...

නේපාලය විදේශිකයින්ට යළි වීසා පහසුකම් ලබාදෙයි!

කොළඹ LNW:ඉන්දියානු නේපාල සොනාලි දේශ සීමාව ඔස්සේ ගමන් කරන...

නදීශාට හොඳ අවස්ථාවක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: ජපානයේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ...