ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක තනතුරක් ලබාගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය තොරතුරු පිලිබඳවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් 2021 අගෝස්තු 07 වනදා මා ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපදේශකවරයකු ලෙස 2021 අගෝස්තු 16 සිට 2023 අගෝස්තු 15 දක්වා ක්‍රියාත්මක වන පරිදි බඳවා ගත් බවට ලිපියක් මා වෙත ලැබී තිබිණි. එවකට මහජන ආරක්ෂක ලේකම්වරයාව සිටි මේජර් ජෙනරාල් (විශ්‍රාමික ) ජගත් අල්විස් මහතා වෙත මා මෙම ලිපිය සම්බන්ධයෙන් දැනුවත් කරන ලදී. මෙහිදී මහජන ආරක්ෂක ලේකම් ජගත් අල්විස් මහතා විසින් මා හට එම තනතුර බාර නොගන්නා ලෙස දන්වා සිටින ලදී. එම නිසා මා එම තනතුර බාර නොගත් අතර එම තනතුර බාර නොගන්නා බවට දන්වමින් 2021.11.05 දාතමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාට ලිපියක්ද යොමු කර ඇත. (එම ලිපිය මේ සමග අමුණා ඇත). සමාජ මාධ්‍ය වල යන ප්‍රචාරයන් සියල්ල අසත්‍ය බවත් මා කිසිම දිනක ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයෙන් මූල්‍ය හෝ කිසිදු වරප්‍රසාදයක් ලබා නොගත් බවට සහතික කරමි.

දේශබන්ධු තෙන්න්කෝන්

බස්නාහිර පලාත් බාර ජේශ්ඨ නියෝජ්‍ය පොලිස්පති

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...