රනිත්මා – රශ්මි ගැටුමක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 14,(LNW) කොළඹ :

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මැනමා හී පැවත්වෙන බහරේන් වීවෘත ජාත්‍යන්තර තරගාවලිය නියෝජනය කරන රනිත්මා ලියන්ගේ සහ රශ්මි ලියනගේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලැබා ගැනීමට සමත් වූහ.අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉදිරියට යාමට ඇත්තේ මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකුට පමණි.ඊට හේතුව එම තීරණාත්මක තරග වටයේ තරගය පැවත්වෙන්නේ රනිත්මා සහ රශ්මි අතර වීම නිසාය.


රශ්මි ඉන්දීය ක්‍රීඩිකා අනන්‍යා ප්‍රවීන් පරදවා ලකුණු 21-11 සහ 21-12 ක් ලෙස ජයගත්තාය.මේ තරගාවලියේ අංක දෙකට ශ්‍රේණිගතව සිටින්නී රනිත්මා එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රීඩිකාවක වන නයෝනිකා රාජේෂ් පරාජයට පත් කළේ ලකුණු 21-12 සහ 21 – 7 ක් ලෙසය.


මෙහි පිරිමි අංශයෙන් තරග බිමට පිවිසුණ ආශිංසන හේරත් ද අවසන් 16 දෙනාගේ වටයෙන් ඉදිරියට යාම සඳහා සූදානමින් සිටියි.එම වටයට පිවිසි රෙහාන් දිඹුක්වැල්ලගේ ලකුණු 21 -14 ක් සහ 21 – 19 ක් ලෙස අමීර්හොසේන් හසිනි වෙතින් පරාජයට පත් වූවාය.අවසාන 16 වටයට පිවිසි තිළිණ රාජකරුණා මේ තරගාවලියේ පිරිමි ඒකල අංශයේ අංක 1 ට සිටින ඉන්දීය ක්‍රීඩක විසල් වාසුදේවන්ට එරෙහිව තරගය පරාජයට පත් වූයේ ලකුණු 21 – 17 සහ 23-21 ලෙසය.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...