රටක් ගොඩනගන එක අමාරුයි පක්ෂයක් හදනවාට වඩා. පුළුවන් නම් කරමු, බැරි නම් කොහොම හරි කරමු – ටිල්වින් සිල්වා

සටහන – රුවන් නෙළුගොල්ල

පක්ෂය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඕනෑම පුද්ගලයකු පක්ෂයෙන් ඉවත් කිරීමට හෙටත් පසුබට නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

“88-89 කාලේ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් වෙන්න ඕනෙ, ඒක ඇත්ත. නමුත් අපි හිතනවා ඒක කලබලයෙන් කරන්න ඕනෙ එකක් නෙවෙයි. ඒක හරියට කරන්න ඕනෙ එකක්. ඒක අනාගතයේදී සිද්ධ වෙයි. එහෙම කවුරුත් කලබල වෙන්න ඕනෙ නෑ.”

“අපිට රටක් ගොඩනගන එක පක්ෂයක් හදනවාට වඩා ටිකක් දුෂ්කරයි. ඒක අමාරුයි. ඒක අපි තේරුම් ගන්න ඕනෙකම තියෙනවා. ලොකු වැස්සක් වැස්සා, කොළඹ යටවුණා. ඉතින් ලියන මහත්තුරු කෑගහන්න පටන් ගත්තා ආණ්ඩුව ආං යටවුණා කියලා. පස්සේ අපේ සහෝදරවරු කවුරුත් ගිහිල්ලා වතුර බහින ඇළමාර්ග සුද්ධ කරන්න පටන් ගත්තා. මොනවද හම්බවුණේ ? ප්ලාස්ටික් බෝතල්, සිලිසිලි බෑග්, තැඹිලි කෝම්බ, අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගොඩගැහිලා. කවුද ඒවා ගෙනත් දැම්මේ ඒවාට ? මේ රටේ ජනතාව. ඒවා වෙනස් කරන්න ඕනෙ නැද්ද ?”

“අපි පරපරාවෙන් පරම්පරාවට මේ ආදර්ශය පවත්වාගෙන යනවා කුමන තත්වයක් යටතේවත් බිඳින්න දෙන්නෙ නැතිව. තනි තනි පුද්ගලයෝ අතින් ඕක බිඳෙන්න පුළුවන්, තනි තනි පුද්ගලයෝ බිඳින්න උත්සාහ කරන්න පුළුවන්, ඉතිහාසයේ හැමදාම එහෙම තිබ්බා, හැබැයි ඒ තනි තනි පුද්ගලයෝ එහෙම උත්සාහ කළාට අපි පක්ෂය ආරක්ෂා කරලා තියෙනවා පුද්ගලයා පැත්තකින් තියලා. එදත් ආරක්ෂා කළා, අදත් එහෙම කරනවා, හෙටත් එහෙම කරන්න වුණොත් ඕනෙ කෙනෙක් සම්බන්ධයෙන් අපි එහෙම කරන්න ලෑස්තියි. හැකි නම් කරමු, නොහැකි නම් කෙසේ හෝ කරමු. ඒක තමයි අපේ තේමා පාඨය. ආණ්ඩුකරණයේත් ඒක තමයි අපේ තේමා පාඨය. පුළුවන් නම් කරමු, බැරි නම් කොහොම හරි කරමු මේ වැඩේ”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (13) කොළඹ විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේදී පැවති 37 වැනි ඉල් මහ විරු සමරුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලාෆ්ස් ගෑස් මිල සැරටම ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

චිත්‍රාංගනී නමින් තිස්හත් වසරක් තිස්සේ නොපිපුණු රතු මල් ….

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයා සහ නායකයා වූ රෝහණ විජේවීර...

Nvidia ආන්දෝලනයෙන් ඇමරිකානු වාණිජ ලේකම් හොවාර්ඩ් ලට්නික්ගේ ධුරයත් අවදානමක!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 13: Nvidia ඔත්තු බැලීමේ...

37 වෙනි ඉල්මහ විරුවන් සැමරේ!

කොළඹ LNW:37 වෙනි ඉල්මහ විරු සමරුව අදට (13) යෙදී...