බංකොලොත් රටක ඇමතිධූරයක් ගන්න පුළුවන් කාටද ? – විපක්ෂ නායක සජිත් අසයි

Date:

හෘද සාක්ෂියක් ඇති කිසිවෙකුට මේ මොහොතේ ඇමතිධූර ලබාගත නොහැකි බවත්, බංකොලොත් වී ඇති රටක ඇමති තනතුරු, වරදාන වරප්‍රසාද ලබා ගන්නේ කෙසේදැයි යන්න පුදුමයට කරුණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටේ දුවා දරුවන් නිසි පෝෂණයක් නැතිවත් ක්ලාන්තය හැදී වැටෙන රටක, අහිංසක තරුණ පරම්පරාව අන්ධකාර අනාගතය හේතුකොටගෙන රට අතහැර යන මොහොතක, සමස්ත ජනතාව නැති බැරිකමින් පීඩා විඳිමින් සිටින මොහොතක හැඟීමක් දැනීමක් ඇති කිසිවකුට ඇමති වරදාන වරප්‍රසාද වලට යට විය නොහැකි යැයි පැවසූ විපක්ෂ නායකවරයා, රටම බංකොලොත් වී ඇති මොහොතේ ඇමති තනතුරු 15 කට සහ නියෝජ්‍ය ඇමති තනතුරු 15කට සීමාකොට ආදර්ශයක් ලබා දිය යුතු යැයි ද පෙන්වා දුන්නේය.

නමුත් එසේ කිරීමට පොහොට්ටුවේ ශක්තියෙන් ජනාධිපතිධූරය ගත් ජනාධිපතිවරයාට නොහැකි බවද බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ සමගි ජනබලවේගයේ කුලියාපිටිය ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

අන්ත ධනවාදය හෝ, අන්ත සමාජ වාදය තුළින් රටක් ගොඩනැගිය නොහැකි බවත්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සමාජ වෙළඳපොල න්‍යාය සමගි ජන බලවේගය අනුගමනය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හැකියාව දක්ෂතාවය සහ කුසලතාවය මත පදනම් වූ සමාජ ක්‍රමයක් නිර්මාණය කිරීම යුගයේ අවශ්‍යතාවය බව පැවසූ විපක්ෂ නායකවරයා, සමගි ජන බලවේගයේ අරමුණ වන්නේ සුහුරු පුරවැසියෙකු නිර්මාණය කිරීම යැයි ද ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙමින් ටෙන්ඩර් නොකළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන මුජිබර් කී කතාව බොරුවක් !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගිය...

ලංකාවේ උපන් තාරකා විද්‍යාඥයෙකු කැල්ටෙක් හී ඉතිහාසගත නායකත්වයට

ඕවින්දි විෂ්මිකා ජනවාරි 09, කොළඹ (LNW): කැල්ටෙක් හි සභාපති ලෙස...

Farah Khan ඔබට සුබ උපන්දිනක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇත්තටම කවුද...

නව අධ්‍යපන ප්‍රතිසංස්කරණ: මොඩියුලර් ගැන නවතම තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දෙවැනි සහ තෙවන පාසල් වාරවලට අදාළ මොඩියුලර්...