තත්වය ඉතාම අසීරුයි. ඒත් දුප්පත් ජනතාවට සහන දෙනවා – මුදල් රාජ්‍ය ඇමති (VIDEO)

Date:

මෙවර අයවැය ඉදිරිපත් කිරීමට සිදුව ඇත්තේ ඉතාම අසීරු ආර්ථික පදනමක සිට වුවත් යැපුම් මට්ටමෙන් පහළට වැටී සිටින ජනතාවට සහන ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

“මෙවර විශේෂත්වය මෙතෙක් ඉදිරිපත් කළ අයවැය අතර ඉතාම අසීරු ආර්ථික පදනමක ඉඳගෙන තමයි අපට ලබන වර්ෂය සඳහා ආදායම් – වියදම් පුරෝකථනයන් ඉදිරිපත් කරන්න වෙන්නෙ. ඒ වගේම අපට පැවරෙන ප්‍රධාන වගකීමක් තමයි ඉතා අසීරුවෙන් ජීවත් වෙන ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ඉෂ්ඨ කිරීම. විශාල ජනතාවක් යැපුම් මට්ටමෙන් පහළ තත්වයකට පත්වෙලා තියෙනවා. ඔවුන් ගැන සලකා බැලීම සහ ඔවුන්ට අවශ්‍ය මූලික දේ සපයා දීමට කටයුතු කිරීම. ඒ වගේම නැවත වතාවක් ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් නැගී සිටීමට අවශ්‍ය මූලිකම පදනම ඇතිකර ගැනීමත් අපට මේ අවස්ථාවේදී වැදගත් වෙනවා”

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ රූපවාහිනී නාලිකාවක් වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...

බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි!

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : අද (04) දිනයේ සිට...