ඔය මහාචාර්යවරු දැන් කියන දේ මම මීට අවුරුදු 3කට කලින්ම කිව්වා – වෙල්ගම (VIDEO)

Date:

අද බොහෝ ආචාර්ය මහාචාර්යවරුන් පවසන දෑ තමන් මීට වසර තුනකට පෙරම ප්‍රකාශ කළ බවත් එදා ඒ ජනාධිපතිවරණය අවසන් වනතුරුම ගෝඨාභය රාජපක්ෂ මහතාව බලයට පත්කිරීමට එරෙහිව තනිවම හඬනැඟූ එකම පුද්ගලයා තමන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

“මේ නිදහස් සභාවට ආරාධනාවක් කරලා තිබ්බා, ඒකට මම සහභාගී වුණා. හොඳ වැඩසටහනක් ඉතින්. නමුත් … මේක නිදහස් සභාවක්නෙ, නිදහසේ කතා කරන්න පුළුවන්නෙ නේද ? හරි, එහෙනම් … අද මේ කතා කරපු සියලුම දේවල් දැනට අවුරුදු තුනකට ඉස්සෙල්ලා, විශ්ව විද්‍යාලයකට නොගිය පස්දුන් කෝරළේ ඈත පිටිසර ගම්මානයක ජීවත් වෙන මේ කුමාර වෙල්ගම කිව්වා. මේ ඉන්න විද්වත් අය, මහාචාර්යවරු, ආචාර්යවරු, ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරු, තරුණ මන්ත්‍රීවරු මේ ඔක්කොම අවුරුදු තුනකට පස්සෙ තමයි මේ කුමාර වෙල්ගම කියපු එක ඇත්ත බව දැනගෙන තියෙන්නෙ. ඉතින් මම හිතනවා මේ නිදහස සභාවේ පළමුවෙන්ම අගය කළ යුත්තේ මාව. මොකද මම තමයි මේක මුලින්ම කිව්වේ. ඊට පස්සේ සැබෑ අරගලකරුවන් තමයි ඇවිල්ලා ඒ ජනතාව එපා කියපු ජනාධිපතිවරයාව මේ රටින් පන්නලා දැම්මෙ. හැබැයි අර ලේ පිපාසයෙන් ඉන්න, ආණ්ඩු බලය ත්‍රස්තවාදයෙන් ගන්න ඉන්න අරගලකාරයෝ නෙවෙයි. සැබෑ අරගලකරුවන් ඇවිල්ලා ගෝඨාභය මහත්තයාව එළවලා නැවත ගම්බිම්වලට ගියා. අන්න ඒ අයවත් අපි මේ වගේ ගෙනල්ලා ඒ අයවත් අගය කරන්න ඕනෙ. ඉතින් අද වුණත් මම සන්තෝෂ වෙනවා මේ විද්වත් අය – තාමත් කොටසක් ඉන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයලාගෙ ඔඩොක්කුවේ – මේ කොටසක් තමයි මෙතන ඉන්නෙ. මේ විද්වත් කියාගන්නා අය බොහොම හොඳයි, මහාචාර්යවරු, ආචාර්යවරු ඉන්නවා. මම ඉතින් මේ සාමාන්‍ය පොඩි තැනකින් ආපු මේ කුමාර වෙල්ගම මේ වෙන්න යන දේ අවුරුදු තුනකට කලින්ම කිව්වා. කිව්වා විතරක් නෙවෙයි ඒ ජනාධිපති මැතිවරණය ඉවර වෙනකල්ම ඒකට විරුද්ධව කෑගහපු එකම මිනිහා මම තමයි”

කුමාර වෙල්ගම මහතා මේ බව පැවසුවේ ඊයේ (13) පැවති නිදහස ලංකා ජනතා සභාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...

බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි!

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : අද (04) දිනයේ සිට...