අද (14) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවෙයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (14) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳවා ඇති බව වාර්තාවේ.
ඒ අනුව අද (14) පස්වරු 2.00 ට මෙම කැඳවීම සිදු කර ඇති බව, කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ගැටලුවක් පවතීනම් ඒ පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට යොමු කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට පසුගිය 10 වැනි දා පාර්ලිමේන්තුවේ දී දැනුම් දුන් අතර, එය සලකා බැලීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද මෙලෙස කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එහිදී, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...