*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

ස්ට්‍රෝබෙරි අපනයන වගා ව්‍යාපෘතියකට අනුමැතිය – අමාත්‍යාංශයෙන් ඉඩමකුත් වෙන්වෙයි!

කොළඹ LNW :දේශීය ආයෝජකයින් පිරිසක් විසින් අපනයනය ඉළක්ක කර ගනිමින් ස්ට්‍රෝබෙරි වගා කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ව්‍යාපෘතියකට කෘෂිකර්ම අමාත්‍යාංශය අනුමැතිය ලබාදී තිබේ.

ස්ට්‍රොබෙරි සඳහා ලෝක වෙළඳපල තුළ ඉහළ ඉල්ලුමක් ඇතත් තවමත් නවීන තාක්ෂණය යොදා ගනිමින් වගා නොකිරීම හේතුවෙන් මෙරට ස්ට්‍රෝබෙරි සඳහා පවතින්නේ අවම ඉල්ලුමක් වන අතර ස්ට්‍රෝබෙරි අපනයනය කරන රටවල් අතර ශ්‍රී ලංකාවට හිමිවී තිබෙන්නේ 57වන ස්ථානයයි.

මෙම නව ව්‍යාපෘතිය සඳහා නුවරඑළියේ ඇති කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ඉඩම්වලින් හෙක්ටෙයාර් එකක් පළමු අදියර යටතේ නියාමන ව්‍යාපෘතියක් වශයෙන් ලබා දීමට එකඟත්වය පළ කරනු ලැබීය.

ව්‍යාපෘතියේ සාර්ථකත්වය අනුව ඉන්පසු අවශ්‍ය වුවහොත් හෙක්ටෙයාර් 10ක් දක්වා ස්ට්‍රොබෙරි වගාව සඳහා ලබා දිය හැකි යැයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කර ඇත.

නව තාක්ෂණය යොදා ගැනීම මගින් ස්ට්‍රොබෙරි වගා කළහොත් වසරකට හෙක්ටෙයාර් එකකින් ඇමරිකන් ඩොලර් 117,600 ආදායමක් උපයා ගැනිමට හැකි අතර හෙක්ටයාර් එකකින් කිලෝ 120,000ක අස්වැන්නක් ලබා ගැනීමට ද හැකියාව ඇති බව සඳහන්. හෙක්ටයාර් එකක් වගා කිරීම සඳහා ආයෝජනය කරන මුදල රුපියල් මිලියන 250කි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan