හොඳම දේ භාණ්ඩ මිල පහළ දැමීම – මහාචාර්ය විමලරතන හිමි

Date:

කොළඹ LNW: මෙවර අයවැය ඉදිරිපත් වන්නේ රට අසීරු තැනක තිබෙන මොහොතක වන හෙයින් කළ යුතු හොඳම දේ වන්නේ ජීවන වියදම ඉහළ යාම වළක්වා ගැනීම බව ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති මහාචාර්ය විජිතපුර විමලරත්න ස්වාමීන් වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ 2024 අයවැය සම්බන්ධයෙන් අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජීවන වියදමට සාපේක්ෂව රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට රජය යෝජනා කර ඇති නමුත් රටේ සියලුම දෙනා රාජ්‍ය සේවකයින් නොවන හෙයින් කළ යුත්තේ භාණ්ඩ මිල පහත දැමීම බවද උන්වහන්සේ අවධාරණය කළහ.

”විශ්ව විද්‍යාල පුලුල් කිරීමට ගත් තීරණය අගය කරන්න ඕන. අස්වැසුම පිළිබද ආපු යෝජනා හොදයි. රාජ්‍ය සේවයේ ඉන්නවා මිලියන 2.5ක්. අයවැය යෝජනා කරලා තියෙන්නේ ජීවන වියදමට සාපේක්ෂව වැටුප් වැඩිකිරීම. ලංකාවේ ජීවත්වන්නේ ඔක්කොම රාජ්‍ය සේවකයින් නෙවෙයි. පුද්ගලික අංශයේ අයත් ඉන්නවා. මේ වැටුප් වැඩිවීම හැමෝටම සහනයක් වන විදිහට කළ යුතුයි. හොදම දේ ජීවන වියදම ඉහළ යාම වළක්වාගැනීමයි. කළ යුක්තේ භාණ්ඩ මිල පහළ දැමීම. මේ සදහා තිරසර වැඩපිළිවෙලක් අවශ්‍යයි. රාජ්‍ය සේවකයින්ට පඩි ගෙව්වාම ඉතුරුවා කරන්න පොඩ්ඩයි තියෙන්නේ. ආණ්ඩුවේ වියදම් පාලනය කරන්න ඕන.මේ විශ්ව විද්‍යාල අය ආර්ථිකයට උරාගන්නේ නැත්නම් අර්බුදයක් එනවා.” යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...