හොඳම දේ භාණ්ඩ මිල පහළ දැමීම – මහාචාර්ය විමලරතන හිමි

Date:

කොළඹ LNW: මෙවර අයවැය ඉදිරිපත් වන්නේ රට අසීරු තැනක තිබෙන මොහොතක වන හෙයින් කළ යුතු හොඳම දේ වන්නේ ජීවන වියදම ඉහළ යාම වළක්වා ගැනීම බව ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති මහාචාර්ය විජිතපුර විමලරත්න ස්වාමීන් වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ 2024 අයවැය සම්බන්ධයෙන් අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජීවන වියදමට සාපේක්ෂව රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට රජය යෝජනා කර ඇති නමුත් රටේ සියලුම දෙනා රාජ්‍ය සේවකයින් නොවන හෙයින් කළ යුත්තේ භාණ්ඩ මිල පහත දැමීම බවද උන්වහන්සේ අවධාරණය කළහ.

”විශ්ව විද්‍යාල පුලුල් කිරීමට ගත් තීරණය අගය කරන්න ඕන. අස්වැසුම පිළිබද ආපු යෝජනා හොදයි. රාජ්‍ය සේවයේ ඉන්නවා මිලියන 2.5ක්. අයවැය යෝජනා කරලා තියෙන්නේ ජීවන වියදමට සාපේක්ෂව වැටුප් වැඩිකිරීම. ලංකාවේ ජීවත්වන්නේ ඔක්කොම රාජ්‍ය සේවකයින් නෙවෙයි. පුද්ගලික අංශයේ අයත් ඉන්නවා. මේ වැටුප් වැඩිවීම හැමෝටම සහනයක් වන විදිහට කළ යුතුයි. හොදම දේ ජීවන වියදම ඉහළ යාම වළක්වාගැනීමයි. කළ යුක්තේ භාණ්ඩ මිල පහළ දැමීම. මේ සදහා තිරසර වැඩපිළිවෙලක් අවශ්‍යයි. රාජ්‍ය සේවකයින්ට පඩි ගෙව්වාම ඉතුරුවා කරන්න පොඩ්ඩයි තියෙන්නේ. ආණ්ඩුවේ වියදම් පාලනය කරන්න ඕන.මේ විශ්ව විද්‍යාල අය ආර්ථිකයට උරාගන්නේ නැත්නම් අර්බුදයක් එනවා.” යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...