චීනය හා පේරු රාජ්‍යයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්!

Date:

කොළඹ LNW:විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම පිළිබඳ චීන මහජන සමූහාණ්ඩුව සහ පේරු ජනරජය අතර ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කෙරුණා.

ඒ පේරු ජනාධිපතිනි Dina Boruarte මහත්මියගේ ආරාධනයට අනුව, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පේරු රාජ්‍යයේ නිල සංචාරයක නිරත ව සිටින අතරතුරයි. දෙරට නායකයින් ලීමා අගනුවර ජනාධිපති මන්දිරයේ දී සාකච්ඡා පැවැත්වූ අතර ද්විපාර්ශ්වික සබඳතා සහ පොදු අවධානයට ලක්වූ කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගනිමින් පුළුල් එකඟතාවන්ට පැමිණ තිබෙනවා.

“2024 වසරේ සිට 2029 වසර දක්වා ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්ම”, ද්විපාර්ශ්වික සබඳතා තවත් ප්‍රවර්ධනය කිරීම සඳහා ඉතා වැදගත් වන බවත් චීනයේ සංවර්ධනය පේරු ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට නව සහයෝගීතා අවස්ථා උදාකර දී ඇති බවත් දෙපාර්ශ්වය අවධාරණය කළා.

ගෝලීය පරිපාලන ක්‍ෂේත්‍රයේදී බහුපාර්ශ්වවාදයට අනුබල දෙන බව ද දෙපාර්ශ්වය එහිදී ප්‍රකාශ කළ බවයි චීන මාධ්‍ය සමූහය වාර්තා කරන්නේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...