අභියෝග දිනන්න මිසක් අපි මේ බලය පාවිච්චි කරන්නේ නෑ – ටිල්වින්

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ (LNW):

මෙවර 2024 මහ මැතිවරණයේ දී, ජාතික ජන බලවේගය ඓතිහාසික ජයග්‍රහණයක් ලබාගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

සමානුපාතික ඡන්ද ක්‍රමය මෙරට හඳුන්වා දීමෙන් අනතුරුව එක් දේශපාලන පක්ෂයක් ලබාගත් වැඩිම ආසන සංඛ්‍යාව ලෙස මෙය ඉතිහාස වන බව පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන මුලස්ථානයේ දී මාධ්‍ය අමතමින් ඒ මහතා පැවසුවේය.

ආසන 225කින් යුත් පාර්ලිමේන්තුවේ ආසන 159ක් දිනා ගැනීමට ජාතික ජන බලවේගය සමත්වූ අතර, ලැබූ ජයග්‍රහණය පිටුපස සිටින සෑම අයෙකුටම සිය පක්ෂය වෙනුවෙන් ස්තූතිය පුදකරන බව ද වැඩිදුරටත් කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ ටිල්වින් සිල්වා,

“අපිට ලැබුණ ජයග්‍රහණයේ බර අපි තේරුම් අරගනෙ ඉන්නේ. අපි කෙරෙහි ජනතාව ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ. අපිට ඒක රකින්න වෙනවා. රටේ ප්‍රබල දේශපාලල්න පක්ෂ පරාජය කරලා තමයි අපිට මේ ජයග්‍රහණය ලැබුණේ. පැරණි දේශපාලනය අවසන්. පැරණි යුගය අවසන්. ජනතාව ඒ යුගය නිමා කළා. වරප්‍රසාද සහිත, පවුල් පාලනය සහිත ඒ දේශපාලනය දැන් ඉවරයි. පොදු ජනයා අපේ භාවිතය තේරුම් අරගෙන ලබාදුන්න ජයග්‍රහණයක් මේක…අභියෝග දිනන්න මිසක් අපි මේ බලය පාවිච්චි කරන්නේ නෑ.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...