තමන් දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව සිටින බවත් නැවත දේශපාලනයට සම්බන්ධවීමේ කිසිදු අරමුණක් හෝ වුවමනාවක් තමන්ට නොමැති බවත් හිටපු බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (14) නිවේදනය කර තිබිණි.
ඒ, සිය ෆේස්බුක් පිටුවෙහි විශේෂ සටහනක් තබමිනි.
මේ අතර විජේසේකර පවුලේ තවත් සාමාජිකයකු මාතර දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට අවතීරණ වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව, කංචන විජේසේකරගේ බාප්පාගේ පුතා වන අග්බෝ විජේසේකර එක්සත් ජාතික පක්ෂයෙන් මාතර දේශපාලනයට පිවිසීමට නියමිත බව සඳහන්.
ඔහු පසුගිය දිනක එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද හමුවී සාකච්ඡා කර ඇති බවත් එහිදී “මට මතකයි රොනී ද මැල් මුදල් ඇමතිතුමා මරණයට කලින් කිව්වා එයාගෙන් පස්සේ කංචන විජේසේකරට ඡන්දය දෙන්න කියලා. ඒ කරාව කුලය නිසා. කංචන දැන් දේශපාලනයෙන් ඈත් වෙලානෙ. ඒ නිසා ඔයාට පුළුවන් ඒ රිලේ එක දුවන්න” යනුවෙන් වික්‍රමසිංහ මහතා එහිදී අග්බෝ විජේසේකරට උපදෙස් ලබාදී ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.
සබැඳි පුවත් –


