OM : Chapter 01: ධනුෂ් රත් සඳුන් මාෆියාවට රිංගද්දී; සායි පල්ලවීගේ අණින් ක්‍රියාත්මක වන රහසිගත මෙහෙයුමක්!

සටහන – පුලී
නොවැම්බර් 14, LNW (කොළඹ):
දකුණු ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් දිනාගත් ධනුෂ්, මම්මූටි සහ සායි පල්ලවී ප්‍රධාන චරිත නිරූපණය කරන O.M: Chapter 1 – Udhiram: The Blood Wood චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය නොවැම්බර් 13 වැනිදා එළිදක්වා තිබේ. රාජ්කුමාර් පෙරියසාමි විසින් රචනා කර අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටය නීතිවිරෝධී රත් සඳුන් ජාවාරම, රහසිගත පොලිස් මෙහෙයුම් සහ අපරාධ ජාලයක් වටා ගොඩනැඟුණු ක්‍රියාදාම ත්‍රාසජනක සිනමා නිර්මාණයකි.

ආන්ද්‍රා ප්‍රදේශ්හි සේෂාචලම් වනාන්තර කලාපය පසුබිම් කරගත් චිත්‍රපටයේ කතාව, රත් සඳුන් ජාවාරම් ජාලයක් විනාශ කිරීම සඳහා තමිල්නාඩු සහ ආන්ද්‍රා ප්‍රදේශ් පොලිස් කණ්ඩායම් එක්ව සිදුකරන මෙහෙයුමක් වටා ගෙතී තිබේ. මෙහි ධනුෂ් නිරූපණය කරන්නේ තමිල්නාඩු සංවිධානාත්මක අපරාධ බුද්ධි ඒකකයට අයත් නිලධාරියෙකුගේ චරිතයකි. ජාවාරම්කරුවන්ගේ සංවිධානයට රහසිගතව ඇතුළුවීම සඳහා ඔහු දැව කපන්නෙකු ලෙස වෙස්වළාගෙන ඔවුන් සමඟ එක්ව කටයුතු කරයි. එමඟින් ජාවාරමේ ඉහළම බලධාරීන් හඳුනාගැනීම ඔහුගේ මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වේ.

සායි පල්ලවී මෙහි නිරූපණය කරන්නේ නිත්‍යා රෙඩ්ඩි නමැති පොලිස් නිලධාරිනියගේ චරිතයයි. ඇය ‘Operation Mole’ නමැති රහසිගත මෙහෙයුමට නායකත්වය ලබාදෙයි. චිත්‍රපටයේ O.M යන කෙටි නාමය ද Operation Mole යන්නෙන් නිර්මාණය වී ඇති බව පූර්ව ප්‍රචාරක පටය ඔස්සේ අනාවරණය වේ.

ප්‍රවීණ නළු මම්මූටි මෙහි සියයා නමැති අභිරහස් චරිතයට පණ පොවන අතර, රතු සඳුන් ජාවාරම් ජාලය පිටුපස සිටින බලවත් දේශපාලනික චරිතයක් ලෙස ඔහුගේ භූමිකාව ඉදිරිපත් කර තිබේ. ධනුෂ් සහ මම්මූටි අතර ඇතිවන ගැටුම චිත්‍රපටයේ ප්‍රධාන ආකර්ෂණයක් වනු ඇතැයි පූර්ව ප්‍රචාරක පටය ඉඟි කරයි.

මීට අමතරව ශ්‍රීලීලා, නසීරුදීන් ෂා සහ ඉන්ද්‍රන්ස් ඇතුළු නළු නිළියන් රැසක් ද චිත්‍රපටයට එක්ව සිටිති. සංගීත අධ්‍යක්ෂණය සායි අභ්‍යන්කර් විසින් සිදුකර ඇති අතර, සිනමාකරණය එෂිල් අරසු විසිනි. Wunderbar Films සහ RTake Studios නිෂ්පාදනය කරන මෙම චිත්‍රපටය 2026 නොවැම්බර් 20 වැනිදා ලොව පුරා සිනමාහල්වල තිරගත වීමට නියමිතය. දෙමළ භාෂාවට අමතරව තෙළිඟු, හින්දි, මලයාලම් සහ කන්නඩ භාෂාවලින් ද චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබේ.

අධ්‍යක්ෂ රාජ්කුමාර් පෙරියසාමි මීට පෙර Amaran චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් ප්‍රේක්ෂක අවධානය දිනාගත් අතර, සැබෑ ජීවිතයේ සිදුවීමකින් ද මෙම නව චිත්‍රපටයේ කතා පුවතට යම් ආභාසයක් ලැබී ඇති බව ඔහු සඳහන් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ මානවවාදී ව්‍යාපෘති සඳහා සහාය වීමට නව විද්‍යුත් අරමුදල් රැස් කිරීම ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ මානවවාදී ව්‍යාපෘති සඳහා...

​ආර්ථික වර්ධනය 7%ට ගේනවා කිව්වත් තුන්වෙනි අයවැය කියවද්දී 4.2%කට අඩු වෙලා.දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ – නාමල්

කොළඹ LNW:''භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි...

සුව සේවාවට අලුතෙන් 223 දෙනෙකු එක්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW: “රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස...