ලාෆ් ගෑස් ප්‍රශ්නය මුළු රටේම ගෑස් ප්‍රශ්නයක් නෙවෙයි, ලක්ෂ 3කගේ ප්‍රශ්නයක් . මේ මිල වැඩිකිරීම කුමන්ත්‍රණයක් – හඳුන්

නොවැම්බර් 12 වනදා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ 2027 අයවැයෙන් ජනතාවට විශාල සහන ප්‍රමාණයක් ලබාදී තිබියදී ඊට පසුදින ලාෆ්ස් ගෑස් සමාගම විසින් ගෑස් මිල වැඩිකිරීමට කටයුතු කිරීම දේශපාලන කුමන්ත්‍රණයක් බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“බොරුවට නිදාගෙන ඉන්න අය උණු වතුර ගහලාවත් නැගිට්ටවන්න බෑ, මේගොල්ලො එහෙම කට්ටිය. ලංකාවේ ගෑස් වෙළඳපොලෙන් 90%ක් සපයන්නේ ලිට්‍රෝ ගෑස් එක. රජයේ ලිට්‍රෝ සමාගම නිල් පාට ගෑස් සිලින්ඩර් මාසිකව පුරවනවා ලක්ෂ 20ක්. ඔය කහපාට ගෑස් සිලින්ඩරේ ලක්ෂ 3යි මාසෙට පුරවන්නේ. ගෑස් මිල වැඩිවෙලා නම් වැඩිවෙලා තියෙන්නේ කහපාට ගෑස් සිලින්ඩරේ තියෙන පෞද්ගලික අංශයේ ඕගොල්ලොන්ගෙ කලින් හිටිය වෑගපිටිය, අන්න එයාගෙ එකේ. එදා රජය තීරණය කරලා තියෙනවා ලාෆ් එකට දෙනකොට 60%ක් අපනයනය කරන්න ඕනෙ, 40%ක් වෙළඳපොලට නිකුත් කරන්න පුළුවන් කියලා. හැබැයි 2019 ඉඳලා ලාෆ් එක ඒ සැපයුම කරලා නෑ. ඒ කාලෙ මේ කවුරුත් බුදියාගෙන ඉඳලා තියෙන්නෙ. ඒ දේශපාලන ගනුදෙනුත් අපි දන්නවා. ඒගොල්ලො ලෝකල් වෙළඳපොලට තමයි දුන්නෙ. රජයේ ආයතනය වන ලිට්‍රෝ සමාගම දේශීය වෙළඳපොලට නිකුත් කරනවා දේශීය මිල ගණන්වලට බදු ගෙවලා. ලාෆ් එක BOI පහසුකම්, බදු සහන ඔක්කොම ගන්නවා හැබැයි දේශීය වෙළඳපොලටම විකුණන්න ඉල්ලනවා බදු නැතිව. වැරදියිනෙ. අන්න එතකොට ඒගොල්ලො දැන් බිලියන 10ක් විතර ලොස් කොහොමත්. මොකද ඒගොල්ලොන්ට පහුගිය කාලෙ රාජපක්ෂ සමාගමෙන් හම්බුවෙච්ච ෆැසිලිටි දැන් හම්බුවෙන්නෙ නෑ. 2019 ඉඳලා ඒගොල්ලො බදු ගෙවලා නෑ. ඕක තමයි අර්බුදය. ඒ අර්බුදය දැන් ජනතාව පිට පටවනකොට මේ අයවැය වෙලාවේ මොකෝ මේක ගේන්නෙ ? අයවැයෙන් ජීවන වියදමට සහන ගොඩාක් දීලා තියෙනවා. ඒ සහන ටිකේ මාතෘකාව මකලා දැන් මේගොල්ලොන්ට ඕනෙ අයවැයේ එකක් කියලා රෑට ගෑස් මිල වැඩිකරනවා කියලා කතාවක් හදන්න. ඒ දේශපාලන ටොපික් එක ඕගොල්ලොන්ට ගෙනත් දෙන්න තමයි දැන් මේ ගෑස් මිල වැඩිකරලා තියෙන්නෙ. මං දන්නවා ඒ වැඩිකිරීම නිසා ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒ ප්‍රශ්නය අපි කියන්නෙ රජය භාරගන්න ලෑස්තියි. හරි නම් ඇත්තටම ගෑස් සිලින්ඩරය මොන පාට වුණත් කමක් නෑ කැමති කෙනෙකුට ගන්න ක්‍රමය හදන්න ඕනෙ. ඒ ක්‍රමය හදන්න රජයේ ටැංකි ප්‍රමාණය වැඩිකරන්න ඕනෙ. ඒක ලිට්‍රෝ එකෙන් කරනවා. මේක මුළු රටේම ගෑස් ප්‍රශ්නයක් නෙවෙයි, දැනට ගත්තොත් තියෙන්නෙ ලක්ෂ තුනක ගෑස් සිලින්ඩර් තියන අයගේ ප්‍රශ්නයක්. ඒකත් ප්‍රශ්නයක් බව දන්නවා, එච්චරයි. අර්බුදයක් හදන්නයි මේ හදන්නෙ. ඕකයි ඒ කතාව”

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ ඊයේ (14) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ මානවවාදී ව්‍යාපෘති සඳහා සහාය වීමට නව විද්‍යුත් අරමුදල් රැස් කිරීම ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ මානවවාදී ව්‍යාපෘති සඳහා...

​ආර්ථික වර්ධනය 7%ට ගේනවා කිව්වත් තුන්වෙනි අයවැය කියවද්දී 4.2%කට අඩු වෙලා.දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ – නාමල්

කොළඹ LNW:''භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි...