ගල්ෆ් කලාපයේ යළිත් ගැටුම් ඇවිළෙයි ; බහරේනයේ හමුදා කඳවුරක් ඉලක්ක කර ඉරානයෙන් ප්‍රහාර

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 15 :
ගල්ෆ් කලාපයේ යළිත් යුදමය උණුසුම ඉහළ යමින් පවතින පසුබිමක, බහරේනයේ පිහිටි හමුදා කඳවුරක් ඉලක්ක කර ඉරානය ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.

ඉරානය විසින් එල්ල කරන ලද මෙම ප්‍රහාරය බහරේනයේ පිහිටි ඇමෙරිකානු හමුදා ආරක්ෂක පද්ධති ඉලක්ක කරගෙන සිදුකර ඇති බව සඳහන් වේ. බහරේනයේ ඇමෙරිකානු නාවික හමුදාවේ පස්වන බලඇණියේ මූලස්ථානය පිහිටා තිබීම හේතුවෙන් එරට කලාපීය ආරක්ෂක කටයුතුවලදී වැදගත් උපායමාර්ගික ස්ථානයක් ලෙස සැලකේ.

ගල්ෆ් කලාපයේ රටවල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් යළිත් ප්‍රහාර එල්ල වීමත් සමඟ කලාපීය ආරක්ෂක තත්ත්වය පිළිබඳ දැඩි අවධානයක් යොමුව ඇති අතර සෞදි අරාබිය දෙසට එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් ද එරට ගුවන් ආරක්ෂක පද්ධති මගින් ව්‍යර්ථ කර ඇති බව වාර්තා වේ.

ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින උණුසුම් සබඳතා සහ ගල්ෆ් කලාපයේ අඛණ්ඩ ගැටුම්කාරී තත්ත්වය හමුවේ මෙම නවතම ප්‍රහාර කලාපීය ස්ථාවරත්වයට තවදුරටත් බලපෑම් එල්ල කරනු ඇතැයි අවධානය යොමුව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුර රණසිංහ: ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ අමතක නොවන නාමයක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW: අනුර රණසිංහ යනු ශ්‍රී...

රුහුණ සරසවියේ කරාපිටිය වෛද්‍ය පීඨයට නව දස මහල් මහාචාර්ය වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW: සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර...

කාන්තා රග්බි ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW: ඔස්ට්‍රේලියානු කාන්තා රගර් ලීග්...

දිවුලපිටියේ ගින්න නිවීමට ගුවන් හමුදාවේත් සහය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW: දිවුලපිටියේ පිහිටි ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය...