ආසියාවේ පළමු Eurovision සංගීත කිරුළ පිලිපීනයට! 19 හැවිරිදි කාර්මෙල්ගේ ‘Sobra-Sobra’ ගීතය රටවල් 11ක් අභිබවා ජයගනී!

සටහන – පුලී
නොවැම්බර් 15, LNW (කොළඹ):
ආසියානු සංගීත ක්ෂේත්‍රයට නව ඉතිහාසයක් එක්කරමින් පළමු වරට පැවැත්වූ Eurovision Song Contest Asia තරගාවලියේ ජයග්‍රහණය හිමිකර ගැනීමට පිලිපීනය සමත්ව තිබේ. තායිලන්තයේ බැංකොක් නුවර පැවැති මෙම සංගීත තරගාවලිය සඳහා ආසියානු රටවල් 11ක් නියෝජනය කරමින් තරගකරුවන් සහභාගී වූ අතර, අවසානයේ ජයග්‍රාහී කිරුළ හිමිකරගත්තේ 19 හැවිරිදි පිලිපීන ගායිකා කාර්මෙල් (Carmelle) ය.

කාන්තා සවිබල ගැන්වීමේ පණිවිඩයක් රැගත් ඇයගේ ‘Sobra-Sobra’ ගීතය මෙම තරගාවලියේදී විශේෂ අවධානයක් දිනාගත්තේ එහි ආකර්ෂණීය සංගීත රටාව සහ වේගවත් රැප් කොටස හේතුවෙනි. තරගයේ ලකුණු ලබාදීමේදී විනිසුරු මණ්ඩලයෙන් ලකුණු 93ක් සහ ප්‍රේක්ෂක ජනතා මනාපයෙන් ලකුණු 118ක් වශයෙන් සමස්ත ලකුණු 211ක් ලබාගැනීමට කාර්මෙල් සමත් වූවාය.

ඒ අනුව ලකුණු 170ක් ලබාගනිමින් දෙවැනි ස්ථානයට පත්වූ සත්කාරක තායිලන්තයේ MANG x DAOU කණ්ඩායම අභිබවා යමින් ඇය ජයග්‍රහණය තහවුරු කරගත්තාය. තරගාවලියේ ලාබාලතම තරගකාරිය වූ කාර්මෙල්ට විනිසුරුවන්ගෙන් මෙන්ම ප්‍රේක්ෂකයන්ගෙන් ද ඉහළ ප්‍රතිචාර හිමිවීම විශේෂත්වයකි.

Getty Images Laos' contestant Thinla (C) performs during the grand final of the Eurovision Song Contest Asia 2026 at One Bangkok Forum in Bangkok on November 14, 2026

බැංකොක්හි One Bangkok Arena හි පැවැති අවසන් තරගය සංගීත රසිකයන්ගේ උද්යෝගයෙන් පිරී ගොස් තිබිණි. තරගකරුවන්ගේ ඉදිරිපත් කිරීම් අතරතුර ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු උණුසුම් ප්‍රතිචාර සහ ජයග්‍රාහී ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කළ අවස්ථාවේ ඇතිවූ ප්‍රීතිමත් වාතාවරණය ද කැපී පෙනිණි.

ජයග්‍රාහක පිළිවෙළ;

1. The Philippines – 211 points

2. Thailand – 170 points

3. Vietnam – 164 points

4. Malaysia – 152 points

5. Laos – 139 points

6. Bhutan – 126 points

7. Republic of Korea – 113 points

8. Mongolia – 94 points

9. Nepal – 69 points

10. Cambodia – 61 points

11. Bangladesh – 35 points

මේ අතර තායිලන්තය නියෝජනය කළ MANG x DAOU යුගලයේ ‘Aroma’ ගීතය ද ප්‍රේක්ෂකයන් අතර දැඩි ජනප්‍රියත්වයක් හිමිකරගත්තේය. ඔවුන්ගේ සංවේදී යුග ගායනයට සත්කාරක රටේ ප්‍රේක්ෂකයන්ගෙන් විශාල ප්‍රතිචාරයක් ලැබිණි.

බංග්ලාදේශය නියෝජනය කළ Beatmosphere කණ්ඩායම ද සාම්ප්‍රදායික සංගීත පසුබිම් පටයක් භාවිත නොකර, තම කටහඬින්ම බෙර සහ බේස් සංගීත නාද ප්‍රතිනිර්මාණය කරමින් ඉදිරිපත් කළ Beatboxing අංගය හරහා අවධානය දිනාගත්තේය. ලාඕසය නියෝජනය කළ Thinla, සාම්ප්‍රදායික ලාඕ කඳුකර ගෝත්‍රික ඇඳුමකින් සැරසී ‘Bae’ ගීතය ඉදිරිපත් කරමින් ප්‍රේක්ෂකයන්ගේ සිත් දිනාගත්තාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චමල් රාජපක්ෂගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කථානායකවරයකු සහ හිටපු අමාත්‍යවරයකු වන...

ට්‍රම්ප්, පුටින් සහ ෂී ජින්පින් එළැඹෙන සතියේ චීනයේදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 15 : ඇමෙරිකානු ජනාධිපති...

අග්බෝ ඇතු අනතුරේද?

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW: අග්බෝ ඇතු නිතර සැරිසරන...