ආණ්ඩුව කන්දකාඩු යවන ගම්මන්පිලගේ යෝජනාව!(VIDEO)

බුද්ධ දේශනාව අනුව ණය නැතිවීමේ සැපය ගැන කියමින් ජනාධිපතිවරයා අයවැය කතාව ආරම්භ කළද වෙනදාටත් වඩා ආණ්ඩුව මෙවර වියදම් වැඩි කර තිබෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේය.

ඒ, අද (15) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

2023 වසරේදී රාජ්‍ය ආදායම රුපියල් බිලියන 3456ක් ලෙස ඇස්තමේන්තු ගතකරන විට රාජ්‍ය වියදම රුපියල් බිලියන 7879ක් ලෙස දක්වා ඇති හෙයින් මෙහිදී බරපතල ලෙස ණය ගැනීමට සැලැස්මක් නොතිබුණා නම් ඒ ගැන පුදුම විය යුතු වන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

දැනටමත් රුපියල් ට්‍රිලියන 25ක් වන සමස්ත රාජ්‍ය ණය තවත් 20%කින් 2023 වසරේදී ඉහළ යාමට නියමිත බව හෙතෙම කියාසිටියේය.

මෙලෙස ආණ්ඩුව රට ණය උගුලක හසුකරවීමේ ඇබ්බැහිය සුවකිරීම සඳහා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් කන්දකාඩු යැවීමට පෙර ආණ්ඩුව කන්දකාඩු යවා පුනරුත්ථාපනය කළ යුතුව ඇති බව ගම්මන්පිල මන්ත්‍රීවරයා අවධාරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...

LOLC ගැන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්‍යාපාරික...

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද...