*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

රාජපක්ෂලාට එරෙහි තවත් තීන්දුවක්!

කොළඹ LNW:ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පාලන කාලයේ දී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නිකුත් කළ රෙගුලාසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

2021 මාර්තු 12දා මෙම රෙගුලාසි සඳහන් අංක 2218/68 දරන ගැසට් නිවේදනය එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කෙරුණි.

එම ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොණු කර තිබූ පෙත්සම් 03ක තීන්දුව ලබාදෙමින් විනිසුරු මඩුල්ල තීරණය කර ඇත්තේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ 01/2021 නම් මෙම රෙගුලාසි මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 10, 12(1) සහ 13 ව්‍යවස්ථා උල්ලංඝනය වන බවයි.

මෙම රෙගුලාසි ව්‍යවස්ථානුකූල කිරීම සඳහා සංශෝධන ඉදිරිපත් කිරීම ප්‍රායෝගික නොවන බව ද අදාළ තීන්දුවේ සඳහන් කර ඇත.

ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ එසේ ඉදිරිපත් කරනු ලබන සංශෝධන මගින් අදාළ රෙගුලාසිවල ආවේණික අඩුපාඩු සියල්ල සකස් කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කොට ඇති මූලික අයිතිවාසිකම් සියල්ලට අනුකූල වන ලෙස පෙළගැස්වීමට නොහැකි වීම බවයි.

මීට අදාළ SC/FR/91/2021 පෙත්සම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු විසින් ද, SC/FR/106/2021 පෙත්සම සිතාරා ශ්‍රින් අබ්දුල් සරූර් විසින් ද, SC/FR/107/2021 පෙත්සම අම්බිකා සත්කුනනාදන් විසින් ද ගොණු කර තිබුණි.

පෙත්සමේ තීන්දුව ලබාදෙමින් බුවනෙක අලුවිහාරේ, මුර්දු ෆර්නෑන්ඩු සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වැඩිදුරටත් නියෝග කර ඇත්තේ පෙත්සම් ගාස්තු ලෙස රුපියල් 25,000 බැගින් රජයෙන් පෙත්සම්කරුවන්ට ගෙවිය යුතු බවයි.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මෙම රෙගුලාසිවලට එරෙහිව අතරමැදි පෙත්සම් දෙකක් ද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබිණි. එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණේ ආචාර්ය මල්කාන්ති හෙට්ටිආරච්චි සහ අල්හාජ් අබ්දුල් ජවාඩ් අලීම් විසිනි.

පෙත්සම්වල වගඋත්තරකරුවන් වූයේ නීතිපති, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න, පොලිස්පති චන්දන වික්‍රමරත්න, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි යන මහත්වරුන්ය.

රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් ඇමැතිවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිවයුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (14) තීරණය කරනු ලැබූ අතර ඒ අනුව, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්. ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන් යන අය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කර තිබුණි.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් ගොණු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාග කොට තීන්දුව ප්‍රකාශයට පත්කරමිනුයි ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල ඒ බව ප්‍රකාශ කළේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan