අයවැය පරාජය කිරීමේ වගකීම විපක්ෂයට බාරයි – නාමල්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය රට මුහුණ දී ඇති අර්බුදයෙන් එළියට ඒමට විසඳුම් නොමැති අයවැයක් බව පැහැදිලිව පෙනී යන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

නමුත් අයවැය පරාජය කිරීමේ වගකීම විපක්ෂයට පැවරී ඇති බව ද පැවසූ ඔහු, විපක්ෂ නායකයා අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර එය සිදු කළ යුතු බව ද පැවසීය.

විපක්ෂය අයවැය පරාජය කිරීමට අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා නොකර අයවැයට අභියෝග කිරීමෙන් ඵලක් නැතැයි ද කී මන්ත්‍රීවරයා, ජනාධිපතිවරයා හා විපක්ෂ නායකවරයා කොළඹ නියෝජනය කිරීම නිසා කොළඹ නගරය සීමාවට සහන ලැබෙන්නට ඇති බවද පැවසීය.

කෙසේ නමුත් මෙවර අයවැයේ ද පසුගිය අයවැයට ඇතුළත් වූ බොහෝ දේ තිබීම නිසා පසුගිය අයවැයට පක්ෂවූ කෙනෙකුට ඊට විරුද්ධ වීමට හැකියාවක් නැති බවද ඔහු කියා සිටී.

නමුත් පසුගිය අයවැයෙන් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක නොකර නැවත ඉදිරිපත් කිරීම සාධාරණ දැයි ගැටලුවක් ඇති බවද හෙතෙම තව දුරටත් කියා සිටියේය.

ඔහු මේ බව සඳහන් කලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමඟ පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“ජාතික මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මකයි” – මහජන ආරක්ෂක අමාත්‍ය

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: රට තුළින් මත්ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම...

ඡන්ද ප්‍රතිඵල අභියෝගයට ලක්කළ නායකයන්ට ලැබුණු ප්‍රබල ජනතා තීන්දුව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: 2026 ඇමරිකානු අතුරු මැතිවරණය.... 2026...

අමරණීය හඬ එච්.ආර්. ජෝතිපාලයන්ගේ අසාමාන්‍ය ජීවිත කතාව: “ජෝති” චිත්‍රපටය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සදාස්මරණීය ගායනවේදී...

ගුවන් හමුදා ඩ්‍රෝන පද්ධතිය සඳහා රු. බි. 4.26ක අතිරේක ඇස්තමේන්තුවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: පාර්ලිමේන්තු කථානායක ආචාර්ය ජගත්...