ඝාතනය වී වසර 31කට පසු හඳුනාගත් Rita Roberts

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ කාන්තාවක් වන Rita Roberts බෙල්ජියමේදී ඝාතනය වී වසර 31කට පසු හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Ritaගේ තිබූ සුවිශේෂී පච්චය නිසා ඇයව හඳුනා ගැනීමට හැකිවූ බවත්, Interpol පොලිස් ආයතනය ඡායාරුපයක් මෙම විමර්ශනයට යොදාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

31 හැවිරිදි Rita ඇයගේ පවුලේ අය සමඟ අවසන් වරට සම්බන්ධ වී ඇත්තේ 1992 මැයි මාසයේදී තැපැල් පතක් හරහායි. පසුව ඇයගේ සිරුර ජුනි මාසයේදී බෙල්ජියමේදී සාහසිකව ඝාතනය කර ගඟක ඇති දැලක පැටලී තිබියදී හමුවී ඇත. කාලයකට පසුව හෝ මරණයේ තොරතුරු අනාවරණය කර ගැනීම පිළිබඳව කෘතඥ වන බව ඇයගේ පවුලේ අය පවසයි.

Operation Identify Me නමින් යුරෝපයේ ඝාතනයට ලක් වූ අය ගැන තොරතුරු විමර්ශනය කිරීමට මෙම වසර මුලදී වැඩසටහනක් දියත් කර ඇති අතර, එමගින් කාන්තාවන් විසි දෙදෙනෙකුගේ ඝාතන සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර Rita මහත්මියව පමණක් දැනට හඳුනා ගැනීමට හැකිවී ඇත.

මෙලෙස මියගොස් ඇති වින්දිතයන්ගෙන් වැඩි දෙනෙක් වයස අවුරුදු 15 ත් 30 ත් අතර වයස්වල පසුවූ අය බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

Sky News

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...