අද ඉඳන් තමයි අපි ආයෙ දේශපාලනය පටන් ගන්නේ – විමල් අලුත් අඩව්වකට සැරසෙයි ?

Date:

කලකට ඉහතදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබලතම චරිතයක් වූ, පසුව එම පක්ෂයෙන් ඉවත්ව ජාතික නිදහස් පෙරමුණ පිහිටුවාගෙන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ රජයන්හි ප්‍රබල ඇමතිවරයකු ද වූ විමල් වීරවංශ මෙවර මහමැතිවරණයට තරග වැදුණේ නැත.

ඇත්තෙන්ම විමල් පසුගිය මාස දෙකක පමණ කාලසීමාව තුළ ලංකාවේ දේශපාලනයේ පෙනෙන්නටවත් සිටියේ නැත.

කෙසේවෙතත් මෙවර මහමැතිවරණයේදී ආණ්ඩු බලය හොබවන ජාතික ජන බලවේගය අති විශාල ජයග්‍රහණයක් ලැබීමෙන් අනතුරුව විමල් ඊයේ (නොවැම්බර් 15) දිනයේදී සිය දේශපාලන සගයින් කිහිපදෙනෙකු සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක නියැළී ඇති බව ආරංචිමාර්ග පැවසීය.

“ප්‍රශ්න පත්තරය දකින්නේ නැතිව කොච්චර කටපාඩම් කරගෙන ගියත් උත්තර ලියන්න බෑ. ප්‍රශ්න පත්තරය දැක්කාට පස්සෙ තමයි උත්තර හදාගන්න වෙන්නේ. මේ ආණ්ඩුව ලොකුවටම දිනුවා වගේම අද ඉඳන් තමයි එයාලාගේ වැටීම පටන් ගන්නේ. ඒ හින්දා අද ඉඳන් තමයි අපි ආයෙ දේශපාලනය පටන් ගන්නේ” යනුවෙන් ඔහු සිය දේශපාලන සගයින් සමග පවසා ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

මන්ත්‍රී ධුර 159ක් සහිත අතිශය ප්‍රබල ආණ්ඩුවක් බිහිවී ඇති මොහොතක විමල් පාර්ලිමේන්තුවෙනුත් පිටත සිට කරන්නට හදන්නේ කුමක්දැයි අප දන්නේ නැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...

එක්සත් ජනපද සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟතාවයකින් තොරව ඇලස්කාවෙන් පිටව යාමත් සමඟ සෙලෙන්ස්කි වොෂින්ටන් බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...

බොලිවියාවේ ඉදිරි දේශපාලන වෙනසක් සිදුවේද? බොලිවියාවේ ජනාධිපතිවරණය ගැන නොදත් දේ..

රෂිකා හෙන්නායක අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...