නව පාර්ලිමේන්තුවේ වැඩ වෙන්නේ මෙහෙමයි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ (LNW):

නව පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලය පත්කිරීම ලබන 18 වනදා සිදුකිරීමට නියමිත අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ 10 වන පාර්ලිමේන්තුව ලබන 21 වනදා රැස්වීමට නියමිතයි.

මෙහිදී ප්‍රධාන වශයෙන් සිදුවනු ඇත්තේ, පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනයේ දී විශේෂ කටයුතු ලෙස කතානායකවරයා පත්කර ගැනීම , මන්ත්‍රීවරුන් දිවුරුම්දීම , නියෝජ්‍ය කතානායක හා නියෝජ්‍ය කාරක සභා සභාපති තෝරා පත්කර ගැනීම වැනි කටයුතු වේ.

පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින්, එම දිනයේ දී පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීම් දරණු ලබනු ඇත. පළමු දිනයේ දී මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙළක් නොමැති අතර ඔවුන්ට රිසි අසුනක අසුන්ගැනීමට අවස්ථාව උදාවේ.

මෙහිදී, සෙංකෝලය සභාගර්භයේ තැන්පත් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව රැස්වන දිනය හා වේලාව නියම කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරුණු අති විශේෂ ගැසට් නිවේදනය මහ ලේකම්වරිය විසින් දිනයේ පළමු කාර්ය ලෙස සභාවට ඉදිරිපත් කරනු ලබයි.

මේ අතර 10වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25 , 26 සහ 27 යන දිනවල පැවැත්වීමට නියමිත බවද සඳහන් වේ. මෙහිදී, පාර්ලිමේන්තු ක්‍රමවේදය , සභාවේ කටයුතු සහ කාරක සභාවල කටයුතු සම්බන්ධයෙන් නවක මන්ත්‍රීවරුන් දැනුවත් කරනු ලබයි.

ලබන 18 / 19 සහ 20 යන දිනවලදී, පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීමේ කටයුතු පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුකරනු ලබයි.

මෙවර මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ වැඩිම කාන්තා මන්ත්‍රීවරියන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ වීම විශේෂත්වයකි. මෙහිදී කාන්තාවන් 20 දෙනෙකු මැතිසබයට තේරී පත්වී ඇති අතර ඉන් වැඩි පිරිසක් ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පත්ව තිබෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: අද (24) අමාත්‍යවරයා සමග...

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...

Emine Erdogan ගෙන්  Melania Trumpට ලිපියක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ සහ රුසියාවේ...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගැනත් විමර්ශන ඇරඹේ!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරමින...