ලේසියෙන් දේශපාලනයෙන් සමුගන්නේ නැහැ – මහින්ද මාධ්‍ය ඉදිරියේ සහතික වෙයි

Date:

කොළඹ LNW:ලෙහෙසියෙන් දේශපාලනයෙන් සමුනොගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.

ඒ, අද (16) කොළඹදී මාධ්‍යවේදීන් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ දේශපාලනයෙන් සමුගැනීමේ සූදානමක් පවතින්නේද යන්න කළ විමසීමට පිළිතුරු දෙමිනුයි රාජපක්ෂ මහතා ඒ බව කියා සිටියේ.

එමෙන්ම ලෙහෙසියෙන් සටන අතනොහරින බවද ඔහු පවසන ලදී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස බලාපොරොත්තු වූ ජන්ද සංඛ්‍යාව ලැබුණු අතර වැටුණු තැනින් නැවත නැගිටීම සඳහා සාකච්ජා කරන බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මේ අතර මාලිමාව වෙනුවෙන් ජනතාව ජන්දය භාවිතා කර තිබෙන අතර ජනතා මතයට ගරු කළ යුතුවන බවයි රාජපක්ෂ මහතා පැවසුවේ.

අලුත් අයටත් රට පාලනය කිරීමට අවස්ථාව දිය යුතු බවත් අලුත් මුහුණු වලට රට ඉදිරියට කරගෙන යාමට හැකි බවත් හෙතෙම තවදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඇයි?

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් රජය අද (දෙසැම්බර් 18...

අස්වැසුම ප්‍රතිලාභීන් කළ කැපකිරීම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අස්වැසුම ප්‍රතිලාභීන් විසින්...

ගුවන ඉහළින්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දේශිය රග්බි පිටියේ ප්‍රධානතම...

කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ වාන් දමන ජලාශ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:යළි වර්ෂාව ඇද හැලීමත්...