*
Monday, December 9, 2024
spot_img

Latest Posts

ගෝඨාගේ සිට රනිල් දක්වා සිව් වසක් සිව් දෙනෙක් එක්ක ගත කළ ක්‍රීඩාව

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 16,(LNW) කොළඹ :

ගෝඨාභය රාජපක්ෂගේ සමයේ ක්‍රීඩා අමාත්‍ය ධූරයට පත් වූයේ ඩලස් අලහප්පෙරුමය.ලංකාව අවසාන වරට දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලකට ක්‍රීඩා කළේ ඩලස් යටතේය.එහිදී හොඳි දස්කම් දැක් වුව ද,ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැඩි අසනීපවලට ගොදුරු වීම ආරම්භ වූයේ ශ්‍රී ලංකාවේ සිටමය.බොහෝ දෙනෙක් ගොදුරු වූයේ ඩෙංගු රෝගයටය.ඩලස් ඔවුන් නැවතී සිටි සුගතදාස ක්‍රීඩා හෝටලයේ ඇවිද මදුරුවන් බෝ වෙන්නට එහි ඇති ඉඩ හොඳින් අවබෝධ කර ගත්තේය.එහෙත් පිළිසකර වන විට විය යුතු බොහෝ දේ සිඳු වි හමාර වී තිබිණ.
ඉනික්බිතිව ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත් වූයේ නාමල් රාජපක්ෂය.ක්‍රීඩා පිටියේම දැක ඇති නාමල් හොඳ ආරම්භයක් ලබා ගත්ත ද,පසුව පරවේනි උරුමය වූ සියල්ල තමාට වඩා පහළින් කර සිතීමේ න්‍යාය නිසා මෙන්ම,ඊට අවනතව වන්දිභට්ට ගී ගයන්නන් සමඟ වරදි පැත්තකට හැරිණ.

ලංකාවේ ප්‍රධාන රගර් ක්‍රීඩා සමාජවලට පිටින්,ලංකාවේ රගර්,ක්‍රිකට් සහ පාපන්දුවට විශාල සේවයක් කළ පීටර්සන් සහ කුරේ පාක් පිටිවලින් හැදුණු,පීටර්සන් හරහා පැමිණි සභාපතිවරයෙකු යටතේ,ප්‍රධාන ක්‍රීඩා සමාජවල ඇතැම් අයට ඇති වූ භීතිකාව සහ හීනමානය ඉතා ඉක්මණින් ඇමතිවරයාට ද බෝ වුණ අතර,සමාජයෙන් පැන නැඟුණු අරගලය හමුවේ ඔහු ක්‍රීඩා අමාත්‍යංශය හැර යද්දී රගර් තහනමකට ලක් කර තිබුණ ද,අධිකරණය ඊ ළඟ නිලවරණය පවත්වා ශ්‍රී ලංකා රගර් කරගෙන යන්නට ඉඩ දුන්නේය.තමන්ගේ මතයේ සිටම පිහිටා වැඩ කරන්නට ගත් නාමල්,බොහෝ දේවල්වල තමන්ට උපයා ගන්නට තිබුණු දේශපාලන කීර්තිය සහ රටට වැදගත් ප්‍රතිපල අත යටින් ලිස්සා යන්නට ඉඩ දෙමින් යම්කිසි ඒකාධිපතිත්වයිකින් හැසිරෙමින් නික්ම යන විට ක්‍රීඩාවම යම් ආකාරයකට නූල් බෝලයක ආකාරයට පටලවා අතරමං කර තිබිණ.


ඉනික්බිති පැමිණි රොෂාන් රණසිංහ පොළොන්නරුවේ අත්දැකීම වෙනුවට කොළඹමය වීමේ ගුණයක් ආරෝපනය කරගෙන මවා පෙන්නීමේ ආසාවකින් වැඩ කරන්නෙකු විය.තමාගේ ධනය මෙන්ම අමාත්‍ය දූරයේ බලයද ඔහුට දැණුනේම රජය නැමති රාජකීයත්වය ආරක්ෂා කරන්නට ලැබුණු කගපතක් සේය.ඔහු කඩුව වනමින් කළ දේ නිසා ක්‍රිකට්,රගර්,පාපන්දු වැනි ලංකාවට ක්‍රීඩාව නැංවීම සඳහා ආධාර ලැබෙන ක්‍රීඩා තුනක්ම ජාත්‍යන්තර වශයෙන් තහනම් විය.සමහර ඔහු කරන ලද පත්වීම්ධාරීන් මෙන්ම,ඔහුට අතිශයින් හිතවත්කමින් ලං වූ අයද ඔහු වෙනුවට තමන්ගේ උවමනාවන්ට අනුව ක්‍රීඩාව මෙහෙයවීමේ බලය ලැබීම ද,මෙහිදී කැපී පෙණින.අවසානයේ රනිල් වික්‍රමසිංහ තමාගේද රටේ සමස්ත ක්‍රීඩාවේද ගෙල ළඟින් යන සේ කඩුව හරඹ කරන, කඩුව ලැබුණු රජුගේ ආරක්ෂකයා සේ හැසිරෙන රොෂාන් ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන්නට කටයුතු කළේය.


ඒ වෙනුවට පැමිණි හරීන්ට වැඩ ගොඩක් තිබිණ.එය රනිල් තේල පෝලිම් අයින් කළ ආකරයටම ක්‍රීඩාවේ පේලි ගැසී තිබූ තහනම් ඉවත් කිරීමේ ක්‍රියා කළාපයය.විශේෂයෙන් රටේ විවිධ අවශ්‍යයතා වෙනුවෙන් ආයෝජනය කරන ක්‍රිකට් වැනි ආදායම් ලබන ආයතනයක් නැවත සක්‍රීය කිරීමට දේශපාලනිකව මැදිහත් නොවන බවට අයිසීසී සමඟ එකඟතාවයක් ඇති කර ගැනීම පැවරුණු ප්‍රධාන වගකීමය.එසේම ඔලිම්පික් කියෝජනය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍යය තරග ප්‍රමාණය සඳහා සහභාගි වීමට ක්‍රීඩා අමාත්‍යංශය පැත්තෙන් ප්‍රතිපාදන නොලැබී යාම ගැන ද ගැටළුවක් මතු වී තිබිණ.


ඔහු ඉතාමත් ඉවසිල්ලනේ එහි මූලික ගැටළු නිරාකරණය කර ඉදිරියට ගියේය.එහෙත් තමන්ගේ ලැබැඳියාවක් තිබෙන රගර් ප්‍රශ්නයේ ඉහළ අතු සමඟ එල්ලී පැටලීම නිසා රගර් මේ වන විට නීතිය ඉදරියේ පවතියි.ඒ රගර් සමඟ කිට්ටු සබඳතාවක් ඇති කීඩා කර ඇති අයෙක් ලෙස,ඔහුගේ සමාජ පංතියේ අයට විශේෂත්වයක් කිරීමේ අරමුණක් ඔහුට තිබුණු බැවිනි.සැඟවීමට හැදුවත් එය ඔහුගේ ඇතැම් ප්‍රකාශවලින් වැට පැන ආවේය.
ඔහු යන විට රගර් පරිපාලනය විසුරුවා විසුරුවන ලද පරිපාලනයේම සභාපති,ක්‍රීඩා අධ්‍යක්ෂකගේ කරේ කැට ගසා වතුරට තල්ලු කර ගිය බවක් පෙනෙන්නට තිබිණ.නෙට්බෝල් ක්‍රීඩාවද රගර් මෙන්ම තහනම් කර තහනම් කරපු පරිපාලනයේම අයව පාලනයේ සහයට යැයි එක් කරගන්නා විකට සභාවක් බවට පත් කර හරින්,සම්පූරණයෙන්ම තමන් මරණයේ වරදකරු නොවී ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ ඇඟිළි සළකුනුම සෑම තැනෙකම රැඳෙන්නට හැර පලා ගොස් තිබිණි.


දැන් මේ ඇමතිවරු හතර දෙනාම මැතිවරණයෙන් ජනතාව දෙයාකාරයකින් ප්‍රතික්ෂේප කර ඇත.දෙදෙනෙක් පරාජය කර ඇත.දෙදෙනෙක් ජාතික ලැයිස්තුව මරමා පාර්ලිමේන්තුවට ඒසට ඉඩ ඇතත්,ඔවුන් නියෝජනය කළ දේශපාලන පක්ෂවලට ජනතාව අන්ත පරාජයන් අත් කර දී ඇත.මින් තිදෙනෙක්ම 1020 පිහිට වූ දැවන්ත ඓතිහාසික ජයක් ලැබූ පොදු පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ආවෝය.
ඒ තිදෙනාගෙන් අද එහි සිටින්නේ පිය අවෑමෙන් පක්ෂයේ නායකයා වූ නාමල් රාජපක්ෂ පමණි.නාමල් 2024 ජනාධිපතිවරයා වෙන්නට ද ඉදිරිපත් විය.එසේම ක්‍රීඩා අමාත්‍ය ධූරයේ සිටියදී,වැඩි ආඩම්බරකාරකමක් පෙන් වූ රොෂාන් රණසිංහට ඊට හේතු වී ඇත්තේ,ඔහුට මේ රටේ ජනපති වීමට වරමක් ඇති බවට දෛවඥයෙකු පැවසීම බව සැළවිණි.ඒ ආකාරයට ඔහු අලුතින් පක්ෂයක් සකසා ගෙන ජනාධිපති තරගයට ද පැමිණි අතර,ඔහු ක්‍රිකට් සමඟ ඇති කර ගත් ගැටළු බොහොමයකට බල පෑ අර්ජුන රණතුංග ද පක්ෂ පිහිටුවන අවස්ථාවේ රොෂාන් රණසිංහ සමඟ දුටුවත්,පසුව අර්ජුන දුටුවේ වෙනත් වේදිකාවලය.අන්තිමට ඔහු ඡන්දය ඉල්ලූ පොළොන්නරුවද අතහැර කළුතිරින් දිලිත් ජයවීරගේ පක්ෂයෙන් ඉදිරිපත් වී පාර්ලිමේන්තුවට ඒමට තරම් ප්‍රමාණවත් මනාප නැත්තෙක් බවට පත් විය.


හරීන් ද ගම්පහ සිහිනය අත හැර යළි බදුල්ලටම ගොස් තරග කළ ද,බදුල්ල දිනූ හරින්ගේ පක්ෂයේ තනි අසුනට ඔහු වෙනුවට තෝරා ගෙන ඇත්තේ චාමර සම්පත්වය.හිටපු ක්‍රීඩා ඇමතිවරු තිදෙනෙක්ම වැඩ කළේ කිසිවෙකු විසින් යම් ප්‍රශ්නයක් ඇසුව විට,මූලික වශයෙන්ම ප්‍රශ්නය යොමු කරන කෙනා නොදන්නා බව සහ ඊට වඩා විශාල ලෙස තමන් දන්නා බව පෙන්නා දෙන්නට උත්සාහ කරමින් පිළිතුරු දීමට උත්සාහ කිරීමය.එහි වැදගත්කම වූයේ එයින් එම ඇමතිවරුන්ගේ නොදන්නාකම තේරුම් ගන්නට හැකි වීමය.මේ කුලකයට දමන්නට බැරි පහසුවෙන් ගැටළුකාරී තැන්වලින් ලිස්සා යන්නට ජලස් අලහප්පෙරුමට හැකියාවක් තිබිණ.එහෙත් මේ කිසිවෙකු ක්‍රීඩාවේ ප්‍රශ්න හමාර කිරීම කියන කාරණය තීරණය කළ ක්‍රීඩාවට අනුව නොවේය.තමන්ගේ රුචි අරුචිකම් අනුවය.


තඹුත්තේගම සිට ආව,ජනාධිපතිට තඹුත්තේගම හරියට කියවා ගන්න සහ ඒ පොළවට සාපේක්ෂ තත්ත්වය සොයා ගන්න පුද්ගලයෙක් ක්‍රීඩාවට නොලැබුණොත් වන්නේ විශාල හානියක්ය.ඒ නිසා හාමුලාගේ සමාජශාලා සහිත සමාජ පමණක් ක්‍රීඩා සමාජ ලෙස සිතන සංස්කෘතියෙන් මානව සමාජයේ මීට වඩා පැතිර විසිර ගිය,බලය විමධ්‍යගත වූ තත්ත්වයකට ක්‍රීඩා පරිපාලනයද පත් විය යුතුය.එසේ කියා හාමුලාගේ වැඩේ ඒ අයටත් වඩා හොඳින් කර දෙන දාසලා ද සෙල්ලම් පෙන්නන තැනක් නොවන තැනකට ක්‍රීඩාව ගැන අවධානය යොමු විය යුතුය.එහෙත් අවාසනාවට ගෙවුණු වසර හතරක පමණ කාලයක ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට ඇමතිවරු ලෙස පත් වූ ඉහත සිව් දෙනා ගැන කියන්නට ක්‍රීඩාවේ හරිය අවශ්‍යය නැත.බලය වෙනුවෙන් ඔවුන් ගන්නා ලද තීරණ මෙන්ම එම තීරණවල නිවැරදි භාවය සහ චංචල භාවය ද මේ වන විට ඔවුන්ට අත් වී තිබෙන දේශපාලන ඉරණමෙන්ම තේරුම් ගන්නට හැකිය.


ඔවුන් තිදෙනෙක්ටම 2020 මැතිවරණයට පෙනී සිටි පක්ෂයෙන් පෙනී සිටින්නට නොහැකි වී තිබේ.දෙදෙනෙක්ම ජාතික ලැයිස්තුවලය.මහජන මනාපය අමනාප කරගෙන විශ්වාසය බිඳගෙන ඇත.ඔවුන් ජාතික ලැයිස්තුවල සිටි පක්ෂවල ඉරණම ද ඡන්දය වැටුණු හැටියෙන් කියවා ගන්නට අපහසු නැත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan