Caroline Leavitt ධවල මන්දිරයේ ලාබාලතම මාධ්‍ය ලේකම්වරිය බවට පත්වෙයි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

කැරොලයින් ලෙවිට්, ධවල මන්දිරයේ ලාබාලතම මාධ්‍ය ලේකම්වරිය බවට පත්ව තිබෙන බව වාර්තා වේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ මීළඟ පරිපාලනයේ ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කිරීමට ඔහුගේ ප්‍රචාරක ප්‍රකාශිකා කැරොලයින් ලෙවිට් පත් කරන බව නිවේදනය කළ බව පැවසේ.

27 හැවිරිදි ලෙවිට් ඇමරිකා ඉතිහාසයේ ලාබාලතම ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය වනු ඇති. මීට පෙර පැවැති ට්‍රම්ප් පාලන සමයේදී ද ධවල මන්දිර මාධ්‍ය කාර්යාලයේ සේවය කළ ඇය කොන්ග්‍රසයේ අපේක්ෂිකාවක් ලෙස ද කටයුතු කර තිබෙන බව එරට මාධ්‍ය පවසයි.

ට්‍රම්ප් පවසන්නේ, කැරොලයින් දක්ෂ, දැඩි, සහ ඉතා ඵලදායී සන්නිවේදිකාවක බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...

2025 තුන්වැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 5.4% ක් !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්‍රී...

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ධම්මික රණතුංගට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ...

ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : එක්ස් පණිවුඩයක් නිකුත්...