ඇමෙරිකාවෙන් යළි ප්‍රහාරයක් එල්ල වීමට පෙර ඉරානය පළමුව ප්‍රහාරයක් එල්ල කළ හැකි බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16:
ඇමෙරිකා එක්සත් ජනපදය යළිත් වරක් ඉරානයට ප්‍රහාරයක් එල්ල කළහොත්, ඊට ප්‍රතිචාර දැක්වීමට බලා නොසිට පළමුව ප්‍රහාරයක් එල්ල කිරීමට සිදුවිය හැකි බවට ඉරානය අනතුරු අඟවා තිබේ.

ඉරානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාසෙම් ඝරිබාබාඩි පවසා ඇත්තේ, ඇමෙරිකාව සමඟ පවතින අර්බුදය හමුවේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා, ආර්ථික සම්බාධක සහ යුදමය ගැටුම් ඇතුළු ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට ඉරානය සූදානම් බවයි.

ඇමෙරිකාව විසින් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පවත්වන අතරතුර තවත් හමුදා මෙහෙයුමකට සූදානම් විය හැකි බවට ද ඉරානය සැක පළ කර ඇති අතර තම රටේ ආරක්ෂක හැකියාවන් තවදුරටත් ශක්තිමත් කරමින් නව මිසයිල නිෂ්පාදන කටයුතු සිදුකරන බව ද ඉරාන පාර්ශ්වය සඳහන් කර ඇත.

මෙම ප්‍රකාශයත් සමඟ ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින උණුසුම්කාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වීමේ අවදානමක් මතුව ඇති අතර මැදපෙරදිග කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද ජාත්‍යන්තර අවධානය යළිත් යොමුව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලාෆ්ස් ගෑස් සමාගමේ ලොක්කන්ට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් කැඳවීමක්

සටහන - රුවන් නෙළුගොල්ල ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් අද (16)...

බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වෙයි – වැසි තත්වයේ වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට ඊසාන දෙසින්, බෙංගාල බොක්ක...

දේශපාලනයෙන් පස්සෙත් යන්න තැනක් තිබීම ….

කංචන විජේසේකර ඇත්තටම අපි දැනගත්තේ ගෝඨාගේ පාලන කාලයේ නෙවෙයි....

නැවෙන් බාන ගාණට දුන්නොත් ඔයිටත් වඩා තෙල් මිල වැඩිවෙනවා – ඇමති TB

රජය ජනතාවට ඉන්ධන ලබාදෙන්නේ නැවෙන ගොඩබාන මිලටත් වඩා අඩුවෙන්...