නිසංසලා කොදෙව්වන් සසල කරයි

Date:

ඉන්දියාවේ විශාකාපට්නම් කේන්ද්‍ර කරගෙන පැවත්වෙන සිව්කොන් අවුරුදු 19 න පහළ කාන්තා ක්‍රිකට් තරගාවලියේ නොවැම්බර් 13 දා පැවති තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රිඩීකාවෝ කඩුලු 6 ක ජයක් අත්කර ගත්හ.එහිදී 16 හැවිරිදි සුමුදු නිසංසලා පෙරේරා පන්දු16 දී හතරේ පහර 8 ක් සමඟ ලකුණු 33 ක් ලබා ගැනීමට සමත් විය.එම නිසා කොදෙව් කණ්ඩායම පන්දු ඕවර් 20 තුළ ලැබූ ලකුණු 95 අභිබවා යමින් පන්දු ඕවර් 15.1 දී කඩුලු 4 ට ලකුණු 98 ක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.
මනුදි නානායක්කාර මේ තරගයේදී ද පිත්තෙන් දස්කම් දක්වමින් නොදැවී ලකුණු 22 එකතු කරන්නට සමත් විය.රශ්මි නේත්‍රාංජලී ඉකුත් තරගයේ තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක් වුව ද මෙම තරගයේදී ඊට ඉඩක් නොලැබිණ.විශේෂයෙන්ම ඇය පළමු තරගයේදී මෙන්ම මේ තරගයේදී ද දුවද්දී දැවී ගියාය.එය අවධානයට යොමු කළ යුතු කරුණක්ය.පන්දු යැවීමේදී කඩුලු නැතත් රශ්මි, පන්දු ඕවර් 4 ලකුණු 16 ට සිමා කරමින් කොදෙව් ක්‍රීඩිකාවන්ව දැඩිව පාලනයකට යටත් කර ගත්තාය.දෙව්මි විහංගා පන්දු ඕවර් 4 ට ලබා දුන්නේ ලකුණු 10 කි.කොදෙව් ක්‍රීඩිකාවන් මේ පීඩනය නිසා කඩුලු රැක ගැනීමට දරණ ලද උත්සාහයේදී ලකුණු අමතක කරන්නට සිඳු වූ අතර ඒ නිසා පන්දු ඕවර් 20 නිමාවන විට ලකුණු පූවරුව දැක් වුණේ කඩුලු 3 ට 95 ක් ලෙස ය.දැවී ගිය කඩුලු තුනෙන් දෙකක්ම සිය කඩුලු පැසට දා ගත් විහාරා සෙව්වන්දි පන්දු ඕවර් හතර ලකුණු 20 ක් පමණක් ලබා දෙමින් නිමා කළාය.
ඉණිම ආරම්භ කර කොදෙවි ඉණිම නිමාවන තෙක් පන්දු 58 ට මුහුණ දෙමින් නොදැවී ෂනෙල්ලි ස්වෝ කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 35 ක් ලැබුව ද ලකුණු පූවරුව වේගයෙන් ඉහළ දැමීමට අපොහොසත් විය.
මේ තඅර එම තරගාවලියේ තවත් තරගයකදී ඉන්දියානු අවුරුදු 19 පහළ කාන්තා ඒ කණ්ඩායම සහ බී කණ්ඩායම හමු විණි.එහිදී ශ්‍රී ලංකාව පරාජයට පත් කළඉන්දීය බී කණ්ඩායම ඉන්දීය ඒ කණ්ඩායම ද පහසුවෙන් පරාජයට පත් කළේය.ඉන්දීය ඒ කණ්ඩායම ලැබූ ලකුණු 116 වෙනුවට පන්දු ඕවර් 17.4 දී ඉන්දීය බී කණ්ඩායමේ ක්‍රීඩිකාවෝ කඩුලු 3 ට ලකුණු 119 ක් ලබමින් සිය අපරාජිත තත්ත්වය සුරැක ගන්නට සමත් විය.
ඉන්දීය බී කණ්ඩායමට පරාජය වූ ඉන්දීය ඒ කණ්ඩායම, 17 වන දා ශ්‍රී ලංකාව මුණ ගැසෙන්නට සූදානම්ය.ඡායාරූපයේ දැක්වෙන්නේ කොදෙව් පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළ සුමුදු නිසංසලා පෙරේරා, ශ්‍රී ලංකාවේ පැවති ජාතික කාන්තා යොවුන් ක්‍රිකට් සූරතාවලියේදි හොඳම පිතිකාරිය ලෙස සම්මානනීය වූ අවස්ථාවයි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...