සිංගප්පූරුවේ අනේවාසික මහ කොමසාරිස්වරයා විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි 

සිංගප්පූරුවේ අනේවාසික මහ කොමසාරිස් චන්ද්‍ර දාස් මැතිතුමා 2022 නොවැම්බර් 13 සිට 18 තෙක් ශ්‍රී ලංකාවේ නිරත වන සිය නිල සංචාරය අතරතුර, 2022 නොවැම්බර් 15 වැනි අඟහරුවාදා දින විදේශ කටයුතු අමාත්‍යංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා හමුවිය.

විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා සහ මහ කොමසාරිස් දාස් මැතිතුමා මෙහිදී දෙරටේ ද්විපාර්ශ්වික සහයෝගිතාව ඉහළ නැංවීම හා සබැඳි පුළුල් පරාසයක කරුණු පිළිබඳව සාකච්ඡා පැවැත්වූ හ. සිංගප්පූරු ව්‍යාපාරික නියෝජිත පිරිසක් ද මහ කොමසාරිස්වරයා සමඟ මෙරටට පැමිණ සිටිය හ. සිංගප්පූරුවේ ශක්‍යතා සහිත ආයෝජකයන් සහ ව්‍යාපාරිකයන් සඳහා මෙරට පවතින ක්ෂේත්‍ර සහ අවස්ථා පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී මහ කොමසාරිස්වරයා දැනුම්වත් කළේ ය.

මහ කොමසාරිස් දාස් මැතිතුමා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා ද හමු වූ අතර, එහිදී දෙරටේ මූල්‍ය, ආයෝජන සහ සංචාරක යන ක්ෂේත්‍ර හා සබැඳි කරුණු පිළිබඳව සාකච්ඡා පැවැත්වී ය.

මහ කොමසාරිස් දාස් මැතිතුමා සිය සංචාරය අතරතුර අතිගරු ජනාධිපතිවරයා, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා සහ සෞඛ්‍ය අමාත්‍යවරු මෙන්ම, ආයෝජන මණ්ඩලයේ සහ ලංකා වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා හමුවීමට ද නියමිත ය. 

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2022 නොවැම්බර් 16 වැනි දින 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රවී කරුණානායකගෙන් ශ්‍රී ලංකා HSBC කේන්ද්‍රය රැකගැනීමේ ජාතික ආයාචනයක්!

ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය වසා...

Tatjana Smith නෙදර්ලන්තයට එක්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW: ජයග්‍රහණයේ අග්‍රප්‍රාප්තියෙහි සිටි...

අලි මිනිස් ගැටුම මැඩපවත්වන්න ජාතික ඉඩම් පරිහරණ සැලසුමක් රටට අවශ්‍යයි – විපක්ෂ නායක සජිත්

නොවැම්බර් 11, කොළඹ LNW: ලුණුගම්වෙහෙර දකුණු ඉවුර, මිහිදුපුර, අභයපුර ඇතුළු...