ජාතික සමගිය, සංහිඳියාව සාක්ෂාත් කර ගැනීමට බහු පාක්ෂික අදහස් විමසීම, ඒවා පිළිගැනීම අවශ්‍යයි!

Date:

කොළඹ (LNW): සෑම පුරවැසියෙකුගේම අනන්‍යතාව ආරක්ෂා කරමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති පරිදි ආර්ථික, සමාජීය, සංස්කෘතික හා දේශපාලන ක්ෂේත්‍රවල සමාන අවස්ථා සලසා දී ඇති බව සහතික කිරීම සඳහා සහ විවිධත්වයට ගරු කරන, සියලු ප්‍රජාවන් සමගියෙන් හා සහජීවනයෙන් ජීවත් වන, සමානාත්මතා සමාජයක් ගොඩනැගීම සඳහා බහු පාක්ෂික අදහස් විමසීම සහ ඒවා පිළිගැනීම අවශ්‍ය කරුණක් බව ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පෙන්වා දුන්නේ ජාතික සමගිය සහ සාමකාමී සහජීවනය ප්‍රවර්ධනය කිරීම වැනි ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පතෙහි දක්වා ඇති ප්‍රශංසනීය අරමුණු ඉටුකරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන්ගේ නියෝජිතයන් අතර සංවාදය සහ සාකච්ඡා අවශ්‍යවන බවයි.

එමෙන්ම, මෙය ජාතික සමගිය වෙනුවෙන් වූ සැබෑ සංහිඳියා ක්‍රියාවලියක් බවට පත්කිරීම සඳහා, ඒ වෙනුවෙන් බහු-පාක්ෂික අදහස් ඇතුළත් බහු-පක්ෂ සම්මුතියක් ඇති කරගන්නා ලෙසත්, ඊට විපක්ෂයේ දේශපාලන පක්ෂ, විශේෂයෙන් සුළු ජාතික වාර්ගික සහ ආගමික ප්‍රජාවන් මෙන්ම සිවිල් සමාජය සමඟ සම්බන්ධ වන ලෙසත් එම මණ්ඩලය රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

සම්පූර්ණ නිවේදනය පහතින්:

ජාතික සමගිය සහ සංහිඳියාව සාක්ෂාත් කරගැනීම සඳහා බහු පාක්ෂික අදහස් විමසීම සහ ඒවා පිළිගැනීම අවශ්‍ය වේ

සෑම පුරවැසියෙකුගේම අනන්‍යතාව ආරක්ෂා කරමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති පරිදි ආර්ථික, සමාජීය, සංස්කෘතික හා දේශපාලන ක්ෂේත්‍රවල සමාන අවස්ථා සලසා දී ඇති බව සහතික කිරීම සඳහා සහ විවිධත්වයට ගරු කරන, සියලු ප්‍රජාවන් සමගියෙන් හා සහජීවනයෙන් ජීවත් වන, සමානාත්මතා සමාජයක් ගොඩනැගීම වෙනුවෙන්, පාර්ලිමේන්තු පනතක් මගින් ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා කාර්යාලයක් පිහිටුවීමට රජය යෝජනා කර ඇත. මෙම පනත් කෙටුම්පත සංහිඳියාව සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ නිරීක්ෂණ සඳහා යොමුකර තිබේ. පනත් කෙටුම්පතට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය සංශෝධන, සිවිල් සමාජය වෙතින් ලබාගැනීමට තමන් විවෘත බව දැනුම්දීමට ආංශික අධීක්ෂණ කමිටුව කටයුතු කිරීම ජාතික සාම මණ්ඩලය අගය කරයි.

ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාල (ONUR) පනත ජනවාර්ගික, ආගමික සහ සමාජීය සහජීවන ගැටළු ඇතුළත් පුළුල් එකකි. රට තුළ ජාතික සමගිය, සංහිඳියාව සහ කල් පවත්නා සාමය ඇතිකිරීම සඳහා රජයට සහ අදාළ බලධාරීන්ට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමටත්, සංහිඳියාව සහ සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති හා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමටත් මෙමගින් පිහිටුවනු ලබන කාර්යාලයට වගකීම පැවරෙනු ඇත. කෙසේවෙතත්, මෙම යෝජිත නීතියට ජනමාධ්‍ය ඔස්සේ ලැබී ඇත්තේ ඉතා සුළු ප්‍රචාරයක් පමණකි. එසේම ඒ පිළිබඳව රටේ බහුතර ජනයා දැනුවත්වී නොමැත. ඒ නිසා මේ සම්බන්ධයෙන් වන ප්‍රසිද්ධ සාකච්ඡාවක් සඳහා තවත් කල් ලබාදෙන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු.

ජාතික සාම මණ්ඩලය ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පතේ ඇතැම් කරුණු පිළිබඳව කනස්සල්ල පළකරයි. “ප්‍රජා මූළික සංවිධාන ඇතුළු ප්‍රාදේශීය සංවිධාන විසින් මෙහෙයවනු ලබන සාමය සහ ප්‍රතිසන්ධාන වැඩසටහන් සඳහා මඟ පෙන්වීම සහ පහසුකම් සැලසීමේ” බලය වැනි කාරණා සම්බන්ධයෙන් ජාතික සාම කවුන්සිලය සැළකිලිමත් වේ. සිවිල් සමාජයේ කටයුතු අධීක්ෂණය හා සමාලෝචනය කිරීමට ලබාදෙන මෙම අධිකාරිය හේතුවෙන්, ජාතික සංහිඳියා ප්‍රතිපත්තියේ සහ ක්‍රියාකාරී සැලැස්මේ සන්දර්භය තුළ, එහි ඇති විය හැකි පීඩාකාරී බව පිළිබඳ භීතියක් මතුකරනු ලබයි. සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය මගින් තහනම් කර ඇති වෛරී ප්‍රකාශන විධිවිධාන රටේ පොදු නීතියට ඇතුළත් කිරීමට උත්සාහ කළ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්ම්මුති (ICCPR) පනත පවා රජයට දේශපාලනිකව විරුද්ධ වන අයට එරෙහිව දණ්ඩනීය ලෙස ක්‍රමානුකූලව භාවිත කර ඇති බැවින්, මෙවැනි පියවර සම්බන්ධයෙන් පවතින්න් සැබෑ බියකි.

අවධානය යොමුකළ යුතු තවත් අංශයක් වන්නේ ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලයෙහි තීරණ ගැනීමේ ආයතන ව්‍යුහය පත්කිරීමේ ක්‍රියාවලියයි. වත්මන් කෙටුම්පතට අනුව, මෙම කාර්යාලය අධීක්‍ෂණය කිරීම ඇමැතිවරයකු යටතට ගැනෙන අතර, ජනාධිපතිවරයා විසින් කමිටු සාමාජිකයන් 11දෙනා පත්කෙරෙනු ඇත. එවැනි කමිටු තුළ සුළු ජාතීන් නොසළකා හැරෙනු ඇති බව බොහෝ පාර්ශ්ව විසින් දැනටමත් පෙන්වාදී තිබේ. එවැනි සිදුවීම් වැලැක්වීම අරමුණු කරගත් 21 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනයේ අභිප්‍රායයන්ට පටහැණිව, ඒකපාර්ශ්වික තීරණ ගැනීමේ සහ දේශපාලන පක්ෂග්‍රාහීවීමේ හැකියාව මෙම ක්‍රියාවලිය මගින් මතුකරයි. 21 වැනි සංශෝධනයේ හරයට අනුකූලව නිර්පාක්ෂික සාමාජිකයන් පත්කිරීමේ වැදගත්කම උතුරු පළාත් සභාව අවධාරණය කරයි.

ජාතික සමගිය සහ සාමකාමී සහජීවනය ප්‍රවර්ධනය කිරීම වැනි ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පතෙහි දක්වා ඇති ප්‍රශංසනීය අරමුණු ඉටුකරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන්ගේ නියෝජිතයන් අතර සංවාදය සහ සාකච්ඡා අවශ්‍ය වේ. මෙය ජාතික සමගිය වෙනුවෙන් වූ සැබෑ සංහිඳියා ක්‍රියාවලියක් බවට පත්කිරීම සඳහා, ඒ වෙනුවෙන් බහු-පාක්ෂික අදහස් ඇතුළත් බහු-පක්ෂ සම්මුතියක් ඇති කරගන්නා ලෙසත්, ඊට විපක්ෂයේ දේශපාලන පක්ෂ, විශේෂයෙන් සුළු ජාතික වාර්ගික සහ ආගමික ප්‍රජාවන් මෙන්ම සිවිල් සමාජය සමඟ සම්බන්ධ වන ලෙසත් ජාතික සාම මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...