සෞඛ්‍ය මහලේකම්ට, ආයෝජන ප්‍රවර්ධන නලින්දට – හෙට එන කැබිනට්ටුව ගැන ඉඟියක් …

Date:

නව රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ මහලේකම්, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පත්කෙරෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ජනමාධ්‍ය අමාත්‍ය ධුර වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට ලැබෙනු ඇති බව සඳහන්.

ජාජබ ජනප්‍රියතම නායකයකු වන කේ. ඩී. ලාල්කාන්ත මහතා කෘෂිකර්ම අමාත්‍ය ධුරයට පත්කෙරෙනු ඇති බවකුත් වාර්තා විය. මීට පෙර ඒ මහතා 2004 – 2005 සමයේ ග්‍රාමීය කර්මාන්ත අමාත්‍ය ධුරය ද දැරුවේ ය.

ජාජබ රජයක මුදල් අමාත්‍යවරයා වශයෙන් පත් කෙරෙනු ඇතැයි මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වාර්තා පළ වී තිබුණු සුනිල් හඳුන්නෙත්ති මහතා කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් පත්කෙරෙනු ඇති බව සඳහන්. ඒ මහතා ඉහත කී ජවිපෙ – ශ්‍රීලනිප සන්ධාන ආණ්ඩු සමයේ ග්‍රාමීය කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කර තිබිණි.

කෙසේවෙතත් මේ සියල්ල තහවුරු නොකළ ආරංචිමාර්ගවලින් පැවසෙන දෑ වන අතර මේවා වෙනස් වීමට ද ඉඩ තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මහ බැංකුව විසින්...

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...

2026 බංග්ලාදේශ මැතිවරණය: BNP පක්ෂයේ ජයග්‍රහණය සහ නව රජය

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 වසරේ ඇති...

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...