සෞඛ්‍ය මහලේකම්ට, ආයෝජන ප්‍රවර්ධන නලින්දට – හෙට එන කැබිනට්ටුව ගැන ඉඟියක් …

Date:

නව රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ මහලේකම්, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පත්කෙරෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ජනමාධ්‍ය අමාත්‍ය ධුර වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට ලැබෙනු ඇති බව සඳහන්.

ජාජබ ජනප්‍රියතම නායකයකු වන කේ. ඩී. ලාල්කාන්ත මහතා කෘෂිකර්ම අමාත්‍ය ධුරයට පත්කෙරෙනු ඇති බවකුත් වාර්තා විය. මීට පෙර ඒ මහතා 2004 – 2005 සමයේ ග්‍රාමීය කර්මාන්ත අමාත්‍ය ධුරය ද දැරුවේ ය.

ජාජබ රජයක මුදල් අමාත්‍යවරයා වශයෙන් පත් කෙරෙනු ඇතැයි මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වාර්තා පළ වී තිබුණු සුනිල් හඳුන්නෙත්ති මහතා කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් පත්කෙරෙනු ඇති බව සඳහන්. ඒ මහතා ඉහත කී ජවිපෙ – ශ්‍රීලනිප සන්ධාන ආණ්ඩු සමයේ ග්‍රාමීය කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කර තිබිණි.

කෙසේවෙතත් මේ සියල්ල තහවුරු නොකළ ආරංචිමාර්ගවලින් පැවසෙන දෑ වන අතර මේවා වෙනස් වීමට ද ඉඩ තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...