මෙවර අයවැය විවාදයේ ආරම්භ කතාව හර්ෂට නොලැබුණේ ඇයි ? – හර්ෂ කියන කතාව

පසුගිය වසර පහක් තිස්සේ අයවැය විවාදවල ආරම්භ කතාව තමන් විසින් සිදුකළ නමුත් මෙවර එම කතාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකළේ සමගි ජන බලවේගය පක්ෂයේ සාමුහික තීරණයකට අනුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ප්‍රශ්නය – ඇයි ඔබට මෙවර අයවැය විවාදයේ ආරම්භක කතාව කරන්න අවස්ථාවක් නොලැබුණේ ?

“නෑ, මෙහෙමයි. මම බලාපොරොත්තු වෙලා හිටියේ ඒ විදියට කරන්න තමයි. නමුත් නායකතුමාගේ තීරණයක් තිබුණා ගරු ජනාධිපතිතුමා අයවැය කතාව කරපු නිසා ඔහු ඒ පිළිතුරු කතාව කළොත් හොඳයි කියලා. ඉතින් ඒකට අපි සියලු දෙනාම එකඟ වුණා, ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ”

ප්‍රශ්නය – ඔබට ඒකෙ ප්‍රශ්නයක් නැති බව කියන්න පුළුවන්, නමුත් නායකතුමාගෙ තර්කය වුණු බව ඔබ කිව්වේ ජනාධිපතිතුමා අයවැය කතාව කරපු නිසා විපක්ෂ නායකවරයා විදියට මම පටන් ගන්නම් කියන එක. හැබැයි ජනාධිපතිතුමාම තමා මීට කලින් අවුරුදු දෙකේ අයවැය කතාත් කළේ ?

“ඔව් ඉතින් මෙහෙමනේ … අපි ඒ ඒ වෙලාවට ඒ තීරණ ගන්න එපැයිනේ. අපි පක්ෂයක්නෙ”

ප්‍රශ්නය – ඒ තීරණය ගත්තේ ඔබද, නායකයාද ?

“සාමුහික තීරණයක් ඒක”

ප්‍රශ්නය – මම ඔබේ අද කතාව ඉතාම හොඳින් ඇහුවා. ඔබ කිව්වා මගේ කතාව දවස් තුනක් ප්‍රමාද වෙච්ච නිසා මට වීකෙන්ඩ් එකෙත් තව ටිකක් බලාගන්න පුළුවන් වුණා කියලා. මම එතනදී දැනගත්තා ඔබ බලාපොරොත්තුවෙන් ඉඳලා තියෙනවා මේ කතාව කරන්න ?

“නෑ, සාමාන්‍යයෙන් එහෙමනෙ වුණේ … සාමාන්‍යයෙන් දැන් අවුරුදු පහක් විතර මම තමයි ඔය විවාදය පටන් ගත්තේ. ඒක තමයි හරිනි අගමැතිතුමිය වෙන්න කලින් විපක්ෂ‍යේ ඉන්නකොටත් එහෙමයි කියලා කිව්වේ. ඒක එහෙමයි වුණේ. එතන මං හිතන්නෙ අවශ්‍ය වෙලා තිබුණේ පක්ෂයක් හැටියට ලයින් එකක් අරගෙන යන්න …”

ප්‍රශ්නය – ඒ ලයින් එක වෙනදාට ගත්තේ ඔබ ?

“කමක් නෑ ඉතින්. මමම ගන්න ඕනෙ කියලා එකක් නැහැනෙ”

හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (16) දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාමය වැඩසටහනකදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාව ලෝකයේ සතුටින්ම මිනිස්සු ඉන්න රටවල් අතරට ගේනවා – ඇමති හේවගේ

ශ්‍රී ලංකාව ලෝකයේ සතුටින්ම මිනිසුන් සිටින රටවල් අතරට ගෙන...

AI නිර්මාණයක් හේතුවෙන් McDonald’s සමාගමට වුණ ඇබැද්දිය!

සටහන – පුලීනොවැම්බර් 16, LNW (කොළඹ): කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන්...

ඡන්ද නාමලේඛනයෙන් ඉවත් කළ මුස්ලිම්වරුන් ඉන්දියාවෙන් පිටුවහල් කිරීමේ අවදානමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: ඉන්දියාවේ ඡන්ද හිමි...