සෙස් බද්ද ක්‍රියාත්මක වන ආකාරය ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

Date:

2023 අයවැය යෝජනා මගින් වැඩිකර ඇති සෙස් බද්ද අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා බලනොපාන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.

“අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපි හඳුනාගෙන තියෙනවා 120 ක්. ඒ 120 සඳහා සෙස්, රේගු වැනි බදු අය කරන්නේ නෑ. ඒවාට එකම එක බද්දක් තමයි මේ සියල්ලම වෙනුවෙන් අය කරන්නේ, විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද. ඒ විශේෂ වෙළඳ භාණ්ඩ බද්දේ කිසිදු වෙනසක් අපි කරලා නෑ. ඒ නිසා මේ කතාබහට ලක්වුණු සහල්, ළූණු, කඩල, අර්තාපල්, බඩඉරිඟු, පරිප්පු, සීනි, හාල්මැස්සෝ යනාදී මේ කිසිවක මිල වැඩිවීමට හේතුවන බදු වැඩිවීමක් සිදුවුණේ නෑ. ඉතින් මේ ඊයෙ පෙරේදා වෙනස් වුණේ මේ සෙස් බද්ද අයකිරීමේදී සියයට ගණන වෙනස් කරලා නෑ, නමුත් අර මුදලෙන් කියපු ප්‍රමාණය රුපියලේ අවප්‍රමාණය වීමට සාපේක්ෂව ගැලපීමක් සිදුවුණා. මේක තමයි මේ වැරදියට වටහාගෙන රාවයක් රට තුළ ගියේ. ඉතා පැහැදිලිවම කිවයුත්තේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මේ ගණයට කිසිසේත්ම වැටෙන්නේ නෑ”

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ සෙස් බද්ද නිසා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ ගොස් ඇති බවට පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...