*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

රට මානව කාන්තාරයක් බවට පරිවර්තනය වෙමින් තිබේ – පාඨලී චම්පික රණවක

පසුගිය දා පාර්ලිමේන්තුව ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසන්නේ අප රට මේ වනවිට පවතින්නේ 2005 වර්ෂයේ පැවති ආර්ථික තත්ත්වයට සමානවන බවයි. බොහෝ ආයාසයෙන් දුප්පත්කම නැතිකර ගත් රට නැවතත් 2005 වර්ෂයට ගොස් ඇති බව රණවක මහතා පවසයි.

2021 වර්ෂය වනවිට 1991 වර්ෂය දක්වා ආපස්සට ගමන් කරනා ආර්ථිකයක් මේ වනවිට පවතින බව එතුමා පවසයි. එලෙසින්ම ලෝක ආහාර සංවිධානයට අනුව ලක්ෂ 29 ක් අලුතින් දුප්පතුන් බිහිවී ඇති බවත් මේ වනවිට වතුකරයේ දුප්පතකම 52% දක්වා ඉහළ ගොස් ඇති බවයි. සමස්ථ රටේ 26% ක් දුප්පතුන් බවත් වතුකරයේ පමණක් ඉන් දෙගුණයක් බවයි.

මෙවැනි භයානක යථාර්ථයක් සහිතව, දුක් විදින ජනතාව වෙනුවෙන් විසඳුමක් ද නොමැතිව විසඳුම් රහිත ගමනක් යමින් සිටින බව රණවක මහතා පවසයි. දුගියන් එසේ වැඩිවෙමින් පවතින අතර ගොවියන් ගොවිතැන අතෑරමින් සිටින බවත්, එයට හේතුව ගොවි යෙදවුම් ඔවුන්ට දරාගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත් ඒ මහතා පවසයි.

සංචාරක සහ ඉදිකිරීම් කර්මාන්ත කඩාවැටී අවසන් බවත්, මුදල් ජාවාරම් කරුවන් විවිධ උපක්‍රම මගින් ඉපයූ ධනය මේ වනවිට විදේශ රටවලට විතැන් කරමින් සිටින බවත්, වෘතීයවේදීන් විදෙස් රටවලට යෑමට විශාල උත්සාහයක් දරමින් සිටින අතර මේ රට මානව කාන්තාරයක් බවට පරිවර්තනය වෙමින් තිබෙන බව රණවක මහතා පවසයි.

දූෂණය ට තිත තැබීම සඳහා විධිමත් ක්‍රියාපාටිපාටියක් නොමැති බැවින් ඔහු විසින් අනතුරු ඇඟවීමක් ද සිදු කරනු ලැබීය. මේ වනවිටත් ඉතා දුෂ්කර ගමනක් යන රට ලෝක බැංකු සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් යොදවන ලද මුදල් වලින් යැපෙන බවත්, ලබන වසරේ එම මුදලත් නොලැබී යන බැවින් දූෂණයකාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ග ගන්නට කටයුතු කරන ලෙසත් පාඨලී චම්පික රණවක ආවධානය කර සිටී.

ලෝක ආර්ථික අවපාතය සමඟ අපේ ආපනයන සඳහා දැඩි බලපෑමක් එල්ලවී ඇති අතර ලෝක බැංකු නියෝජිතයන් පවසන ආකාරයට තමන්ගේ සංචිත බිංදුවටම අඩු වූ පසු ලෝක බැංකු අරමුදල වෙත ගිය ලොව පළමු රට ලංකාව බව රණවක මහතා පවසයි.

පාකිස්තානය, බංග්ලාදේශය, වැනි රටවල් ද මූල්‍ය අරමුදල වෙත ගිය බවත් ඔවුන් සංචිත ශුන්‍ය කර නොගත් බවත් පවසන රණවක මහතා 2020 වර්ෂයේ පමණ මූල්‍ය අර්මුදලේ ගමන ආරම්භ කලේ නම් මේ තරම් භයානක තත්ත්වයකට මුහුණ දීමට සිදු නොවනු ඇතැයි පැවසීය.

එබැවින් අද පවතින තත්ත්වය තාවකාලික සටන් විරාමයක් පමණක් බවත්, ගිනි කන්දක් උඩ පහසුවෙන් ඉන්නා බවත්, නැවත වතාවක් මූල්‍ය පද්ධතිය සහ සමාජ පද්ධතිය පිපිරීයාමට ආසන්න බැවින් එය පාර්ලිමේන්තුවේ සිටින සියල්ලන්ගේම අවධානයට ලක් විය යුතු අතර, අයවැය යන ඉලක්කම් මත හිත් රවටා ගැනීමෙන් මහා මුලාවක නොවැටෙනා ලෙසත් අවසානයේ පාඨලී චම්පික රණවක මහතා පවසා සිටී.

රෂිකා හෙන්නායක
2022.11.17

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan