දකුණු අප්‍රිකානු ජනාධිපති රාමෆෝසා දිවයිනට

Date:

ඉංදුනීසියාවේ බාලී දූපත්හි පැවැත්වෙන ජී20 සමුළුවට සහභාගි වීමෙන් අනතුරුව නැවත දකුණු අප්‍රිකාව බලා යන අතරවාරයේදී දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රාමෆෝසා මහතා කෙටි සංචාරයක් සඳහා ඊයේ රාත්‍රියේ (2022.11.16) දිවයිනට පැමිණ ඇත.

දිවයිනට පැමිණ රාමෆෝසා මහතා එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කටුනායක ගුවන් හමුදා කඳවුරේ දී හමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. එහිදී දෙරටේ නායකයන් අතර ද්විපාර්ෂික සාකච්ඡා පවත්වා ඇත.

ඒ සමඟම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දකුණු අප්‍රිකානු ජනාධිපති රාමෆෝසා මහතාව පුදුම කරවමින් එතුමාගේ ජන්ම දිනය සැමරීමට ද අමතක නොකලේය. එතුමාට එය විශාල ප්‍රීතියක් බවත් ඒ වෙනුවෙන් ඔහු සියල්ලන්ටම ස්තූතිවන්ත විය.

රෂිකා හෙන්නායක
2022.11.17

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...