අශෝක ජයතුංග
වොෂින්ටන් DC LNW:
?ගිය වසරේ අයවැය යෝජනා 50 කට වෙන්කල මුදලින් 97% ක් කෝ. වැඩිම මුදල් වෙන්කල යෝජනා 25 න් 17 ක තොරතුරුත් නෑ. සමස්ත යෝජනා 77 න් 69 ක් අනාථයි. ව්‍යාපෘති 29 න් 50% ක ප්‍රගතිය 50% ට අඩු නිසා මේ අයවැය කොහොම විශ්වාස කරන්නද – වි: නායක සජිත්.
?අයවැය ඇරඹූ ව්‍යංග පජ්ජ සූත්‍රයෙන්ම සජිත් පිළිතුරු දෙයි. එහි හැංගූ ධර්මතා 03 ක් පෙන්වාදී ඒවා මතුකලා නම් ආණ්ඩුව අනාථ බව පෙන්වා දෙයි.
? දේශපාලන ගිණියම මැදත් සජිත් හා ජලනි අගලවත්ත හා රාවතාවත්ත විදුහල් දෙකකට ඩිජිටල් සුහුරු පංති කාමර පිරිනමයි.
? හොරකම් කරනවාය හොරු නිදැල්ලේය කියල සමහරු වගේ අපි රට පුරා ගියේ නෑ. හොරාකාල රටම බංකොලොත් කරපු බව ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඔප්පු කරල පෙන්නුවා – සජිත්.
? රට බංකොලොත් කල රාජපක්ෂවරු හා එම නිලධාරීන් වරදකරුවන් කරන ලෙස සජබ අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවරූ නඩුව දිනීම රට ලැබූ ජයක් – මහලේකම් රංජිත්.
?රාජපක්ෂලා රට බංකොලොත් කල බවට තීන්දුවීමත් එක්ක රට වැනසූ පොහොට්ටුව විසුරවා හරින්න ඔිනෑ – පාඨලී.
?අයවැය ෆේල් . ආණ්ඩුව අපවයි ජනතාවයි ඩිස්නිලන්තයේ පොඩි විනෝද ගමනක් එක්ක ගියා – ඉරාන්.
?මේ අයවැයෙන් පසු කාටත් බදු ෆ්‍යිල් එකක් අරින්නම වෙනවා. නැතිනම් ඉඩමක් වාහනයක් ගන්න හෝ වාහන ලයිසන් කරන්නත් බැරිවෙනවා – සජබ.
? ගිය පාරත් අයවැය යෝජනා 120 ක් ගෙනාවා. ඒත් ක්‍රියාත්මක කළේ 30 යි. මෙවරත් 120 ක් ගෙනැල්ලා. කීයක් කරාවිද දෙයියො දන්නෙත් නෑ – මරික්කාර්.
?බාල හා හොර බෙහෙත් ගෙන්වන මහමොළකරු කැබිනට්ටුවේ සිටින බවට උසාවියේ දී එළිවේ. ඔහු අත්අඩංගුවට ගෙන පෙන්වන්නැයි CID ට නීතීඥයෙකුගෙන් අභියෝගයක් – සජබ.
?වෙලාවෙ හැටියට මේ අයවැයේ වරදක් නෑ.සහනත් තියෙනවා. මේකට විරුද්ධ වෙන්න පුළුවන් පොහොට්ටු අයට විතරයි – වෛද්‍ය රාජිත.
?කෝප් එකට පුතා ගෙනත් වාඩි කළේ ඒක කෝප් සභාපතිගෙ බූදලයක් කියල හිතලද – මුජිබර්.
? ක්‍රිකට් දූෂිතයන් කෝප් කමිටුවේදී සුද්ද කරලා ඔවුන්ට එරෙහි ප්‍රශ්න අහන මන්ත්‍රීලා දූෂිතයන් කරන පහත් වැඩ පිළිවෙළක් කෝප් වැනි වැදගත්ම ආයතනයේ සභාපකි කරපු එක දේශදෝහී වැඩක් – හේෂා විතානගේ.
?ක්‍රිකට් අර්බුදය හා තහනම ඉවති කිරීම පසෙකලා ඇමතිගෙ බලතල වලට වැඩේ දෙන හැටියි ආණ්ඩුව හොයන්නේ – චමින්ද විජේසිරි.
? ක්‍රිකට් ගැන තීන්දු ගන්න වෙන ඇමති කෙනෙකුට බලය නැති බවත්, අන්තර් පාලන පත් කරන්නට කැබිනට් අනුමැතිය අවශ්‍ය බවට කිසිදු තීනිදුවක් නැති බවත්, ක්‍රීඩා ඇමති කියනවා – සජබ.
?චමින්ද විජේසිරි ට බාල්දියක් පෙරලෙයි. ද්වේශසහගත නොවී අදහස් පළකරන ඔහු වැනි සජබ අයට බාධාකරන කුමන්ත්‍රණයක් යනවායි සජිත් කියයි.